ෂාරුක් ඛාන් රඟන ‘පතාන්‘ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමයි

 

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් රඟන නවතම චිත්‍රපටය ‘පතාන්’ තිරගත වූ පළමු දිනයේදීම ඉතිහාසගත චිත්‍රපටයක් බවට පත්වෙමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 


චිත්‍රපටය තිරගත වූ පළමු දිනයේදීම ඉන්දියාවේ පමණක් කෝටි හැට අටක ශුද්ධ ලාබයක් උපයා ඇති බව වාර්තා වෙයි. එමෙන්ම තිරගතවීම ආරම්භ වී දෙවන දිනයේදී රුපියල් කෝටි 113.6 ක ආදායමක් ලබා ඇති බවත් ඒ අනුව දෙදින තුළ ලොව පුරා ආදායම් එකතුව රුපියල් කෝටි 219.6 ක් බව සඳහන් වෙයි.


ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ෂාරුක් ඛාන්ගේ මෙවර ආගමනය ඉන්දියාවේ සහ ලෝකය පුරා වාර්තා කිහිපයක් බිඳ දමා ඇති බවයි. එමෙන්ම ‘පතාන්’ ආරම්භක දිනයේම ආදායම් ලැබූ පළමු චිත්‍රපටය බවට පත්ව තිබීමද විශේෂත්වයකි. මෙම චිත්‍රපටය හින්දි, දෙමළ, තෙලිඟු යන භාෂා තුනෙන්ම නිතුත් වී තිබෙන අතර ලොව පුරා බොහෝ ඉන්දියානුවන් ෂාරුක් නැවත සිනමාහල් වෙත පැමිණීම උද්යෝගයෙන් සමරන බව සඳහන් කරයි.


එමෙන්ම Boxofficeindia.com වාර්තා කරන්නේ චිත්‍රපටයේ දෙදින ආදායම රුපියල් කෝටි 219 ක් බවත් එය   'KGF 2' සහ Baahubali The conclusion  යන චිත්‍රපට ලබා ඇති වාර්තා බිඳ දැමීමට සමත්ව ඇති බවයි.

නයනා උදයංගනී


 

මහනුර සහ අවට සවස මහ වැසි..  යටිහලගල  ,හල්ඔළුව  මාර්ගවලට  ගල් පර්වත කොටස්  සහ පස් කඳු කඩා වැටෙයි.. Read Previous

මහනුර සහ අවට සවස මහ වැසි.. යටිහලගල ,හල්ඔළුව මාර්ගවලට ගල් පර්වත කොටස් සහ පස් කඳු කඩා වැටෙයි..

මහනුර සහ අවට සවස මහ වැසි..  යටිහලගල  ,හල්ඔළුව  මාර්ගවලට  ගල් පර්වත කොටස්  සහ පස් කඳු කඩා වැටෙයි.. Read Next

මහනුර සහ අවට සවස මහ වැසි.. යටිහලගල ,හල්ඔළුව මාර්ගවලට ගල් පර්වත කොටස් සහ පස් කඳු කඩා වැටෙයි..

Realted Post

Leave a comment