සතුන්ගේ ආරක්ෂාවට ඇකඩමියක්...

 

සතුන්ගේ ආරක්ෂාව, ඔවුන් සංරක්ෂණය කිරීම, සහ සතුන් ජීවත්වන උද්‍යාන කළමනාකරණය පිළිබඳ අවධානය තවත් වැඩි කළ යුතුය. ඒ සතුන් යනු ස්වභාවදහමේ වටිනාම සම්පතක් සහ එය ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක් නිසයි. එහෙත් ඒ සඳහා තවමත් අපේ රටේ මෙතෙක් ජාතික ඇකඩමියක් නොමැතිකම විශාල අඩුපාඩුවක් ලෙස පවතී.


ඒ නිසාම ඒ පිළිබඳ අවධානය යොමුකර ඒ සඳහා උනන්දුවක් ඇති දෙස් විදෙස් සිසුන්ට අධ්‍යාපනය ලබාදිය හැකි, සත්ත්ව සංරක්ෂණ සහ සත්ත්ව උද්‍යාන කලමනාකරණය පිළිබඳ ජාතික අධ්‍යයන ආයතනයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.


එමෙන්ම මෙහි අවශ්‍යතාව තවත් වැඩි වන්නේ පසුගිය කාලයේදී චීනය, ඔස්ටේ්‍රලියාව, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ඉන්දියාව, ලැට්වියාව, චෙකොස්ලොවේකියාව, පකිස්ථානය, මැලේසියාව, හා මහා බි්‍රතාන්‍ය වැනි රටවල්වලින් විදේශ ශිෂ්‍ය කණ්ඩායම් තුන්සියයක් පමණ සතත්ව උද්‍යාන කළමනාකරණය පිළිබඳ සහ වන සත්ව සංරක්ෂණය පිළිබඳ පුහුණුවක් ලබා ගැනීම සඳහා ලංකාවට පැමිණ තිබේ. එපමණක් නොව මේ වන විට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, සත්ත්ව භාරකරුවන්, මත්ස්‍යාගාර උපස්ථායකවරුන්, හස්ථි භාරකරුවන් සහ සත්ත්ව භාරකරුවන් ඇතුළු සේවක මණ්ඩලය අටසියයක් පමණ සිටියත් ඔවුන්ට වැඩිදුර පුහුණුවීම් සඳහා විධිමත් අධ්‍යාපනයක් නොමැතිකම යන ගැටලු නිසා සතුන්ගේ ආරක්ෂාව පිණිස මෙම ආයතනය පිහිටුවීමට කටයුතු සැලසුම් කර ඇත. 

නයනා උදයංගනී   


 

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

එයා සිත නිවන භාවනාවක් Read Next

එයා සිත නිවන භාවනාවක්

Realted Post

Leave a comment