සඳට ගිය ඕල්ඩි්‍රන් වයස 93 දී සිව්වැනි වරටත් විවාහ වෙයි


වර්ෂ එක්දහස් නවසිය හැට නවයේදී ඇපලෝ 11 මෙහෙයුමේ කොටසක් ලෙස සඳට ගිය ගමනේ දී සඳ මත පා තැබූ දෙවැනි මිනිසා වන්නේ ඕල්ඩි්‍රන් ය. නීල් ආම්ස්ට්‍රෝං සඳ මතට පා තබා විනාඩි දහනවයකට පසුව ඕල්ඩි්‍රන් සඳ මත පා තබා ඇත. මේ වන විට 93 වැනි වියෙහි පසුවන අමෙරිකානු ගඟනගාමියකු වන ඔහු පසුගිය සිකුරාදා සිව්වැනි වරටත් විවාහ දිවියට එළඹියේ ය. 


ඔහුගේ අතගත් බිරිඳ වන්නේ ආචාර්ය අන්කා ෆෝර් වන අතර ඇයගේ වයස අවුරුදු 63 කි. ඇය රසායනික ඉංජිනේරු විද්‍යා ආචාර්යවරියකි. තම ආදරණීය සහකාරිය සමග ට්විටර් හි ඡායාරූපයක් බෙදාගනිමින් ඕල්ඩි්‍රන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. එහි සටහන් වී ඇත්තේ මෙලෙසයි. 

 


“මම මගේ 93 වැනි උපන්දිනය නිමිත්තෙන් මගේ ආදරණීය වෛද්‍ය අන්කා ෆෝ සමග විවාහ වූ බව සතුටින් දන්වා සිටිමි. අප විවාහ වූයේ ලොස් ඇන්ජලීස්වල පැවති පුංචි උත්සවයකින්. අපි දෙන්නම ගෙදරින් පැනලා ගිහින් කසාද බඳින යොවුන් වියේ පසුවනවා වගේ” යනුවෙනි.  


මෙලෙස තැබූ ඔහුගේ ට්විටර් සටහනට සුබ පැතුම් එකතු කිරීමට මේ වන විටත් පනස් දහසකට අධික ට්විටර් රසිකයින් එකතු වී ඇත. ඕල්ඩි්‍රන්ට මීට කලින් විවාහවලින් දරුවන් තිදෙනෙක් සිටින බවද වාර්තා වෙයි. 1954 සිට විසි අවුරුද්දක් ජොආන් ආචාර් සමගත්, පසුව වසර තුනක් බෙවර්ලි වැන්සිල් සමගත්, එතැනින් පසු තවත් වසර විසි හතරක් ලුයිස් කැනන් සමගත් ඕල්ඩි්‍රන් දීග කා ඇති බවයි සඳහන් වන්නේ.   

නයනා උදයංගනී


 

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Previous

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Next

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

Realted Post

Leave a comment