සෙල්ලමට කන්ටේනරයක සැඟවුණු බංගලාදේශයේ දරුවෙක් දින පහකට පසු මැලේසියාවෙන් මතුවෙයි

 

මිතුරන් සමග හැංගිමුත්තන් කරමින් සිටී 15 හැවිරිදි දරුවෙකු සෙල්ලමට භාණ්ඩ ප්‍රවාහනය කරන කන්ටේනරයක සැඟවී සිට ඇති අතර, මිතුරන්ගෙන් සැඟවීමට එය අඟුලු දමාගෙන තිබේ. පසුව දරුවකු සිටින බව නොදැන ගමන් ඇරඹූ කන්ටේනරයේ සිටි මෙම දරුවා දින පහකට පසුව පිටතට පැමිණ ඇත්තේ කිලෝ මීටර් තුන්දහසකට වඩා දුර ගමන් කිරීමෙන් පසුවය.


මේ පුවත වාර්තාවෙන්නේ බංගලාදේශයෙනි. බංගලාදේශයේ චිතගොං නගරයේ භාණ්ඩ ප්‍රවාහනය කරන මෙම කන්ටේනරය නවතා තිබූ මොහොතක දරුවා සෙල්ලමට එහි සැඟව සිට ඇතිබව වාර්තා වේ. මෙලෙස ඔහු සැඟවී ඇත්තේ මැලේසියාව බලා ගමන් කිරීමට තිබූ කන්ටේනර් රථයකය. 


දින පහක් පුරා නිරාහාරව සිටි ඔහු කන්ටේනරයෙන් පිටතට ගෙන ඇත්තේ එය මැලේසියාවේ වරායට ඇතු`ඵ වී එහි ඇති කන්ටේනර් තොග පරීක්ෂා කිරීමේදීය. දරුවා කන්ටේනරයේ සැඟව ඇත්තේ එය ගමන් ඇරඹීමට නියමිතව තිබූ රථයක් බව නොදැන බවත් සොයාගෙන ඇත.


වරායට පැමිණි කන්ටේනරයේ ඇතුළෙන් උදවු ඉල්ලා කෑ ගසන ශබ්දයක් ඇසීම නිසා එය ඇතුළත පරීක්ෂා කිරීමේදී දරුවා හමු වී තිබේ. ඔහු විජලන තත්ත්වයේ පසුවී ඇති අතර ඔහු ඉක්මනින් රෝහල් ගත කිරීමට නිලධාරීන් කටයුතු කර ඇතිබව පැවසෙයි.

නයනා උදයංගනී 


 

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Previous

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් Read Next

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම්

Realted Post

Leave a comment