හජ් බැතිමතුන්ගෙන් අරෆත් කන්ද වැසී යයි....?

සව්දි අරාබියේ අරෆත් කන්ද කියන්නේ මුස්ලිම් බැතිමතුන්ට විශේෂ ස්ථානයක්. එයට හේතුව ඔවුන්ට එම ස්ථානය වටා බැඳුනු ආගමික විශ්වාස බොහෝමයක් තිබෙන නිසයි. ඒ අනුව ඉස්ලාමීය සම්ප්‍රදායන්ට අනුව ඇතැම් පිරිස් මහම්මද් ජීවිතයේ අවසානය සිදුවූ ස්ථානය මෙම ස්ථානය බව විශ්වාස කරයි. තවත් පිරිසක් මෙම කන්ද පිලිබඳව විශ්වාස කරන්නේ ආදම් සහ ඒව පෘථිවියට වැටීමෙන් පසුව ස්වර්ගයෙන් ඔවුන්ට සමාව දුන් ස්ථානය මෙම ස්ථානය බවයි.

කෙසේ නමුත් මුස්ලිම් ජාතිකයින් හජ් උත්සවය සමරන අද දිනයේ මෙම අරෆත් කන්ද බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගොස් තීබී ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම ස්ථානය මක්කමට ගිණිකොන දෙසින් පිහිටා ඇත. එමෙන්ම මෙම අවස්ථාවට සහභාගි වන වන්දනා කරුවන් මුලු දවසම යාඥා කරමින් කන්ද මත ගත කරන්නේ අල්ලාහ් දෙවියන්ගෙන් ඔවුන්ගෙන් සිදුවන පව්වලට සමාව ඉල්ලමින් බව සඳහන් වේ.

නයනා උදයංගනී

 

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Next

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

Realted Post

Leave a comment