හින්දු භක්තිකයින් ඉමහත් හරසරින් සමරණ දීපවාලී උත්සවය අදයි..

විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් දීපාවලී උත්සවය සමරණ බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ. 

මෙම උත්සවය තුලින් තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියළු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම ඉල්ලීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වනවා. 

 ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිකරගෙන මෙම උත්සවය පැවැත්වීමට හින්දු බක්තිකයන් කටයුතු කරනවා.  දිපාවලිය සැබවින්ම ආලෝක පුජාවක් ලෙස පෙන්වා දිය හැකියි. 

නිවෙස් තුළ මෙන්ම නගර මුළුල්ලේ ම දහස් ගණන් පහන් දල්වා ආලෝකවත් කිරීම මෙම උත්සවයේ ප්‍රධානතම අංගයක්. දීපාවලී උත්සවය ජාතික උත්සවයක් ලෙසත්, එය ලොව අඳුර නසා ආලෝකය උදා කරවන්නක් ලෙසත්, අඥානය නැති කොට ඥානය පහළ කරන උත්සවයක් ලෙසත් හින්දු භක්තිකයින් සලකනවා.

අපගේ ජිවිත තුළට නව එළියක් එක් කරගන්නට අපගේ සහෝදර හින්දු බැතිමතුන් සමඟ මේ උත්සවය සමරන්නට ඉතා ආදරයෙන් එක් වෙමු. 


සටහන - කසුනි විජේසිංහ

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන  ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව Read Previous

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025 Read Next

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025

Realted Post

Leave a comment