ෆිෆා කාන්තා ලෝක කුසලානයට පැය කිහිපයකට පෙර මාරාන්තික වෙඩි තැබීමක්....?

නවසීලන්තයේ ඔක්ලන්ඞ් නුවර මාරාන්තික වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ෆිෆා කාන්තා ලෝක කුසලානයේ සමාරම්භයට පැය කිහිපයකට පෙර මෙම ඩෙවිතැබීම සිදුවී ඇති බව වාර්තා වේ. මෙය සිදුවී ඇත්තේ ඔක්ලන්ඞ් නුවර ඉදිකිරීම් ස්ථානයක එරට වේලාවෙන් උදෑසන 7.22 පමණය. වෙඩි හුවමාරුවෙන් තුවක්කුකරුද මියගොස් තිබෙන අතර, පොලිස් නිලධාරීන් ඇතු`ඵ තවත් පුද්ගලයින් හය දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇත. කෙසේ නමුත් තරඟාවලියට ඉන් කිසිදු බාධාවක් එල්ල නොවී තිබෙන අතර මේ වන විට සැලසුම් කළ පරිදි ම තරඟාවලිය පැවැත්වෙනු ඇති බව එරට අගමැති ක්රිස් හිප්කින්ස් පවසයි. අගමැතිවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කරන්නේ මෙම ප‍්‍රහාරය ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් ලෙස නොසලකන බවයි. එමෙන්ම මේ වන විට නවසීලන්ත පොලිසිය විසින් එම තර්ජනය ඉවත්කර ඇති බවත්, තව දුරටත් අවධානමක් නැති බව සහතික වියහැකි බව ඔහු සඳහන් කරයි. අන් අයගේ ජීවිත බේරා ගැනීම සඳහා මෙවැනි අවස්ථාවක තමන්ගේ ජීවිතය පරදුවට තබා වෙඩි පහර වෙතට සෘජුවම දිවගිය නවසීලන්ත පොලිසියේ නිලධාරීන්ගේ සහ නිලධාරිනියන්ගේ නිර්භීතකම ගැන එරට අගමැතිවරයා සිය ප‍්‍රශංසාවද පලකර ඇත

නයනා උදයංගනී

(තොරතුරු බීබීසී පුවත් ඇසුරින්) 

 

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා Read Previous

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Next

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

Realted Post

Leave a comment