පැරණි පෙම්වතා හන්දා සැමියා එපා වෙලා

 

ගැටලුව
අපි දෙදෙනා විවාහ වූයේ යෝජනාවකිනි. විවාහ වීමට පෙර එක් දිනක අපි කායිකව එක් වුණෙමු. එදින ඇය කන්‍යාවක් බව සනාථ නොවුණි. එහෙත් ඊට මාස කීපයකට පසු අපි විවාහ වුණෙමු. විවාහ වූ මාස කීපයකින් ඇය තම ඥාති සහෝදරයෙකු සමග සමීප ඇසුරක් තිබූ බව දැනගන්නට ලැබුණි. දැන් ඇය මා සමග ලිංගිකව එක්වීම ප්‍රතික්ෂේප කරයි. කලාතුරකින් මගේ බලවත් වුවමනාව මත අප සම්බන්ධ වුවත් ඇය සිටින්නේ කිසිම සතුටකින් නොවන බව මට හැඟේ. මේ හේතුව නිසා දැන් මා ස්වයං වින්දනයට පුරුදු වී සිටිමි. රහසිගතව ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ බලමි. මේ තත්ත්වය දැන් මට නවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් වී තිබේ. වෛද්‍යතුමනි, බිරිඳට මෙසේ වුනේ පැරණි සබඳතාවක් නිසා. ක්‍රියාවලියට උදාසීන වන්නේ ඇයි?
පෙතියාගොඩ නිමල්

 

පිළිතුර

කාන්තාවක් ලිංගික ක්‍රියාවලියට උදාසිනත්වයක් දැක්වීමට බලපාන හේතු බෙහොමයක් ඇත. යම් යම් රෝග ාබාධ, දීර්ඝකාලීන ලෙඩ රෝග සඳහා ගන්නා ඖෂධ, ආර්ථවහරණය මෙන්ම ලිංගික ක්‍රියාවලියේ යෙදෙන විට ඇයට ඇතිවෙන වේදනාව ආදී f්හ්තු බොහොමයක් නිසා උදාසීන විය හැකියි. ඒවාගේම යහපත් ලිංගික එක්වීමකට දෙදෙනාගේම මනසක් බලපායි. ඇය යහපත් මනසකින් නොසිටීමෙන්ද මෙවැනි තත්ත්වයක් ඇති වෙයි. ඇය ඔබ හා විවාහ වීමට පෙර ඥාති සහෝදරයෙකු සමග සම්බන්ධයක් පැවැත්වූ බව දැනගත් පසු ඔබ හැමවිටම ඇය සැක කරයි නම්, ඇයට එය මතක් කර නිතර දොස් පවරයි නම් සමහර විට ඇය සිටින්නේ සිතේ අසතුටින් විය හැකියි. කෙසේ හෝ වේවා විවාහ වීමෙන් පසු ඇය වෙනත් සම්බන්ධතා පවත්වන්නේ නැත්නම් විවාහ වීමට පෙර පැවැත් වූ සම්බන්ධතා මුල්කරගෙන ගැටුම් ඇති කර නොග න්න. මෙතැනදි වඩාත් වැදගත් වන්නේ ඔබ දෙදෙනා අතර ඇති විශ්වාසය යි. ඒ නිසා මුලින්ම ඔබ දෙදෙනා සුහදව කතා කරන්න. ඔබ දෙදෙනාටම කතා බහ කර ගැනීමෙන් මේ ගැටලුව විසඳා ගත හැකියි. ඇය යම් කිසි කායික ගැටලුවකින් පසුවන්නේ නම් ප්‍රසව හා නාරි රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු හමුවෙන්න.

සිහින ගමනාන්තය Read Previous

සිහින ගමනාන්තය

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Next

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

Realted Post

Leave a comment