මිතුරිය අමතක කරන්න බෑ

 

ප්‍රශ්නය
මම අ.පො.ස. උසස් පෙළ හදාරන තරුණියක්මි. මට මගේ පංතියේ සිටින මගේම මිතුරියකට සිත ඇදී ගොස් ඇත. මිතුරියද ඒ බව දනී. අපි දෙදෙනාම කරන්නේ වැරැදි වැඩක් බව අපි දෙදෙනාම දන්නෙමු. එහෙත් අපි දෙදෙනාටම මේ සම්බන්ධය නතර කළ නොහැක. වෛද්‍යතුමියනි, මේ ඇසුරෙන් ඇත් වීමට අපි හිත් හදාග න්නේ කොහොමද?
උසස් පෙළ හදාරන සිසුවියක්

 

පිළිතුර
නව යෞවන වයසේදී ඇතිවෙන හෝමෝන වෙනස්කම් නිසා ලිංගික හැඟීම් දැනීම සාමාන්‍ය ය. තවමත් ඔබගේ මොළයේ යම් යම් කොටස් වර්ධනය වෙමින් පවතී. බුද්ධිය සම්බන්ධ කොටස වර්ධනය වී අවසන් වුවත් තීන්දු තීරණ ගැනීම හා සම්බන්ධ කොටස වර්ධනය වෙමින් පවතින බව අවබෝධ කරගන්න. හැඟීම්වලට බර වන්නේත්, මනසේ ව්‍යාකූලබවක් ඇති වන්නේත් ඒ නිසයි. එසේ නමුත් ඔබ දෙදෙනාටම විශාල අරමුණක් බලාපොරොත්තුවක් ඇත. ඒ උසස් පෙළ විභාගයයි. ඔබගේ සිත අධ්‍යාපනයට යොමු කරන්න. මෙවැනි සිතුවිලි එන විට ඔබගේ සිත වෙනත් දෙයකට යොමු කරන්න. කැමැති විනෝදාංශයකට යොමුවෙන්න. පහසු භාවනාවක යෙදෙන්න. ඔබට යම්කිසි ගැටලුවක් ඇත්නම් ඔබ පවුලේ විශ්වාසවන්ත අයෙකු සමග ඒ ගැන කතා කරන්න. එය ප්‍රමාණවත් නොවේ නම් මනෝ උපදේශන සේවාවකට යොමු වෙන්න.

කන්නගී Read Previous

කන්නගී

දින හතරක මහ වැස්සක්, අවදානම් ගැන අවධානයෙන් ඉන්න Read Next

දින හතරක මහ වැස්සක්, අවදානම් ගැන අවධානයෙන් ඉන්න

Realted Post

Leave a comment