සැමියාගේ ඇඟ උඩ නැගගෙන වේවැලෙන් ගහන්න කියන්නේ ලිංගික රෝගයක් නිසාද?

 

මමත් සැමියාත් දෙදෙනාම ඉගෙන ගත්තේ එකම විශ්ව විද්‍යාලයේ. අපි දෙන්නම ඉගෙන ගන්න දක්ෂයි. එයාට මම පරදින්නෙත් නැහැ. මට එයා පරදින්නෙත් නැහැ. හැමදාම දෙන්නාට දෙන්නා ඉදිරියෙන් හිටියා.
අපි දෙන්නා විවාහ වුණේ මවුපිය නෑදෑයන්ගේ ආශීර්වාදය මැද්දේ. විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ අපි ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූවාට දුරදිග ගිය ලිංගික සම්බන්ධකම් තිබුණේ නැහැ. එහෙත් විවාහ ජීවිතයේ යම් යම් අස්වාභාවික දේවල්වලට මුහුණ දීමට සිදුවීම මට මානසික ගැටලුවක්. 


අපි විවාහ වෙලා මුල් දවස්වල සාමාන්‍ය පරිදි අඹුසැමියන් ලෙස හැසිරුණත් කලක් යන විට ඔහු සමග නපුරු අන්දමට හැසිරෙන ලෙස මට බල කරනවා. එවැනි දර්ශන ඇතුළත් වීඩියෝ පෙන්වනවා. සැමියාගේ ශරීරයට වේදනාවක් ඇතිවන අන්දමට වේදනාවක් ඇති කරන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටිනවා.


දවසක් සැමියා වේවැලක් ගෙනැවිත් රෝස පාට යට ඇඳුමක් පමණක් ඇඳගෙන ඔහුට වේවැලෙන් පහර දෙන ලෙස මට බලපැම් කළා. ඒ වුණත් එය මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙය මට හරිම ලැජ්ජා සහගත ක්‍රියාවක්. බේරෙන්නට බැරි තැන ටිකක් ඇඳුම් ඇඳගෙන යාන්තමින් වගේ ඒ ක්‍රියාව කළා. ඒත් ඉඳහිට.  මට මෙයින් ගැලවීමක් අවශ්‍ය නිසා සැමියා මනෝ වෛද්‍යවරයකු හමුවට යොමු කළා. එදා මනෝ වෛද්‍යතුමා සඳහන් කළේ ලිංගිකත්වයේ විවිධත්වය පිණිස ඇතැමුන් මෙවැනි ක්‍රියාවලට පෙලඹෙන බවයි. 


තවත් දවසක සැමියා අමුතු මාදිලියේ ස්කර්ට් එකක්  රැගෙන ආවා. එය සම්වලින් නිපද වූ ඇඳුමක්. මට ඒ සම් ඇඳුම ඇඳගෙන වේවැලෙන් පහර දෙන ලෙස පැවසුවා. සැමියාට අවශ්‍ය වන්නේ මා ලවා වේදනාවක් ඇතිකරගෙන වින්දනයක් ලබා ගැනීමයි. මම එය කරන්න ඕනෑ ඔහුගේ ශරීරය උඩ සිටගෙනයි.


තවත් දවසක කසයක් ගෙනැවිත් එවැනි දර්ශනයක් තිබෙන වීඩියෝවක් ලෙස බලා ඒ අනුව ක්‍රියා කරන්න නියම කළා.


මේ තත්ත්වය එන්න එන්නම වැඩිවෙන බව මනෝ වෛද්‍යතුමාට පැවසූ විට අප දැන උගත් අය නිසා මෙවැනි ක්‍රියාවලින් වළකින ලෙස ඔහු සැමියාට අවවාද කළා. සැමියාගේ මේ තත්ත්වය හඳුන්වන්නේ පරපීඩා කාමුකත්වය යනුවෙන්. 


නිවසින් පිටත මුදලට ලිංගිකත්වය සපයන කාන්තාවන් යොදා ගෙන මෙම සේවාවන් තමන් ලබා ගෙන ඇති බවත් වෛද්‍යතුමා හමුවේ සැමියා පිළිගත්තා.  ඉන් මටවත් වෙනත් කිසිවෙකුටවත් කිසිදු හානියක් නොවූ බවත් ඔහු ප්‍රකාශ කළා. තමා එය කරන්නේ එහි සීමාව දැනගෙන බව ඔහු කියනවා. 


අප දෙදෙනාටම ලිංගික ඩිප්‍රෙෂන් (අවපාත) තිබෙනබව අප දෙදෙනාම පළිගත්තේ වෛද්‍යතුමා ඒ පිළිබඳව වටහාදීමෙන් පසුවයි. එය ලිංගික අවවර්ත හෙවත් පැරාපීලියා නැමැති තත්ත්වයක් බවයි. 


සැමියාට එවැනි සංකූලතා තත්ත්වයක් නැහැ. සැමියා සහ බිරිඳ වශයෙන් අප දෙදෙනා අතර පැහැදිලි විවෘත ලිංගික සාකච්ඡාවක් නොවීම දැන් ප්‍රශ්න සහගත තත්ත්වයට ගිහින්. 


ලිංගිකත්වයේ විවිධත්වය වැඩි කර ගැනීමට සැමියා මෙයට පමණක් යොමුවීමෙන් ඔහු එයටම පමණක් ඇබ්බැහි වී ඇති බව මනෝ වෛද්‍යතුමා පැහැදිලි කළා. ඉන්පසු ඔහු සැමියාට මනෝ චිකිත්සාවක් සිදු කළා. එහිදී ලිංගිකත්වයේ වෙනත් දේ සමග විනෝදවන අන්දම කතාබහ කරන අන්දම, වෙනත් වෙනත් ඉරියව් ලිංගික ක්‍රියාකාරකම්වලට යොදා ගන්නා හැටි වැනි දේ ලිංගික චිකිත්සාව ඇසුරින් අපට නිසි අවබෝධයක් ලබා දුන්නා. එම අවස්ථාවේදී මනෝ වෛද්‍යතුමා පැහැදිලිවම සඳහන් කළේ එම කාර්යයන්හිදී බිරිඳට කිසිදු බලපෑමක් නොකරන ලෙසයි. ඇඳුම් ඇදීමට කීම ආදිය ගැටලුවක් නොවුණත් වේදනා විඳවීමේ ක්‍රියාවලියට බලපෑම් නොකරන ලෙස වෛද්‍යතුමා සැමියාට උපදෙස් දුන්නා. ලිංගිකත්වයෙන් එහාට ගිය යුවළ සම්බන්ධතාවකට අවශ්‍ය උපදෙස් රාශියක් ඔහුගෙන් ලැබුණා.


ඒ බොහොමයක් උපදෙස් සැමියා පිළිගත්තා. ඒ අනුව දැන් අප දෙදෙනා සාමාන්‍ය පරිදි විවාහ ජීවිතය ගත කරමින් සිටිනවා.


ලිංගික විවිධත්වය වරින් වර ලොව පුරාම තිබූ දෙයක්. පණ තිබෙන දේවල් පණ නැති දේවල් ආදී හැම දෙයක්ම ලිංගික ආශ්වාදය සඳහා යොදාගත් අවස්ථා තිබෙනවා. නමුත් සංස්කෘතික රාමුවක් තුළින් නැතහොත් සමාජ රාමුවක් තුළින් මෙවැනි තත්ත්වයක් තිබෙන අය දෙස නොබලා පෞද්ගලික මට්ටමෙන් විවිධත්වයක් ඇති දෙයක් ලෙස බැලිය යුතු බවයි මනෝ වෛද්‍යවරු සමාජයට කියන්නේ. පුද්ගලයෙකුට හෝ සමාජයට හානියක් නොවේ නම් ඔවුන්ගේ පෞද්ගලික  ජීවිතයට පමණක් සීමා කරගෙන කටයුතු කිරීමෙන් කාටවත් හානියක් වන්නේ නැහැ. නමුත් ඉන් ඈතට කෙනෙකුගේ ලිංගිකත්වය පුද්ගලයාට වේදනාවක් කරදරයක් වෙනවා නම් තවත් කෙනෙකුට හානිදායක නම් සමාජයට වැරදි පණිවුඩ දෙනවා නම් හිරිහැරයක් වෙනවා නම් එය ලංගික අවවර්ථ සංකූලතාවක්. 


එවැනි පුද්ගලයින්ට මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි. අප රටේ මනසට හානි වන යම් අවවර්ථතා තිබෙනවා. 


බස්- දුම්රිය ආදි පොදු ප්‍රවාහන සේවාවන්වලින් ගමන් බිමන් යන සමහරු අනෙක් පාර්ශ්වයේ කැමැත්තෙන් තොරව අතපතගෑමත්, ලිංගික අවවර්ථයක්. මේ හැම දෙයක් ගැනම සමාජය දැනුවත් වී ඒ පිළිබඳව විද්‍යාත්මක හැදෑරීමක් කර ජීවත් වන විට ජීවිතයේ ප්‍රශ්න අඩුයි.

 

සුබෝධිනී පෙරේරා


 

අනතුරු දායක ලෙස මහනුවර නගරයේ පාරවල් හරහා පනින පදිකයන්ට නඩු... Read Previous

අනතුරු දායක ලෙස මහනුවර නගරයේ පාරවල් හරහා පනින පදිකයන්ට නඩු...

ට්‍රම්ප්ගේ 80 වැනි උපන්දිනයට යූඑෆ්සී සටනක් Read Next

ට්‍රම්ප්ගේ 80 වැනි උපන්දිනයට යූඑෆ්සී සටනක්

Realted Post

Leave a comment