ඔහු හැසිරුණේ මෘගයෙක් විදිහට

මම ලංකාවේ ප‍්‍රසිද්ධ ජාතික පාසලක ගුරු  පත්වීමක් ලබා සිටින වයස අවුරුදු 35ක ගුරුවරියක්. මට මගේ ස්වාමි පුරුෂයා  මුල්වරට මුණ ගැනුණෙ ගුරු පුහුණු පීඨයකදී. ඉතා නිවුණු ගති පැවතුම්වලින් යුතු ඔහු කඩ වසම් පුද්ගලයකු නිසා අප දෙදෙනාගේ යාළුකම ඉතාමත් කෙටි කලකදී ආදර කතාවක් බවට පත්වුණා. එසේ දැන හඳුනාගන නොබෝ දිනකින් අප දෙදෙනා අපගේ ඥාතීන්ගේ ආශිර්වාදය මැද යුග දිවියට එළඹුණා. මම වැඩියෙන්ම ප‍්‍රිය කළේ ඔහුගේ අහිංසක නිවුණු ගතිගුණවලට.

මුල සිටම ඔහු දැනගත් දවසේ සිටම ඉතාමත් ආදරයෙන් මා  රැකබලා ගත්තා. ගමනක් බිමනක් යනවිට  හොඳට ආරක්ෂාව සැලසුවා. මට යම් දුකක් ඇති වූ විට පවා ඔහු ඉදිරිපත්ව ඒ සියලූ ගැටලූ විසඳීමට  ඉදිරිපත් වුණා. මට දැනුණේ ඔහු මා බලාගත් තාත්තා කෙනකු ලෙසයි.

නමුත් මේ සියල්ලම කනපිට පෙරලූණේ අප විවාහවූ දිනයේමයි. මා පුන පුනා බලා සිටියේ අපගේ මංගල රාත‍්‍රිය ඉතාමත් සතුටින් ගත කිරීමටයි. නමුත් සිදුවුණේ නොසිතූ දෙයක්. එම රාත‍්‍රියේදි ඔහු හැසිරුණේ මෘගයකු විදියටයි. යහනේදී ඔහු මාව ඉතාමත් දැඩි ලෙස දූෂණය කළා. මට ඔහුගේ ශක්තිමත් දැඩි ශරීරය සමග පොර බදන්න  බැරිවුණා. ලිංගික සම්බන්ධතාව වෙනුවට එදින සිදුවුණෙත් මගේ ප‍්‍රථම මංගල රාත‍්‍රියේ මාව දුෂණයට ලක්වීමයි. ඔහු මට දැඩි ලෙස  පහර දුන්නා. අවසානයේදී මගේ මංගල රාත‍්‍රිය ගත වූයේ ලේ විලක් මැද මට සිහිසන් නැති වුණා. ඔහු ලිංගික  සම්බන්ධයෙන් පසුව කාමරයේ මුල්ලකට වී අඬ අඬා සිටියා. මාත් කෙඳිරි ගාමින් බැගෑපත්ව ඉල්ලා  සිටියත් ඔහු තම අදහා ගත නොහැකි ප‍්‍රචණ්ඩත්වය නතර කළේ නැහැ. මම අවසානයේ  කෙඳිරි ගාමින් ඇසුවේ ඇයි මට මෙහෙම කළේ යන්න  පමණයි.

කෙසේ වුවත් ඊළඟ දිනයේ ඔහු හැසිරුණෙත් මේ  කිසිවක් නොදන්නා විලසටයි. නැවතත් සුපුරුදු ලෙස ඉතාමත් ආදරණීය ලෙස මට ළංවුණා. මට මේ සිදුවූ දෙය හීනයක් වගේ වුණා. අදහා ගන්න බැරි වුණා.හැමදාම  මම මේ ගැන කල්පනා කළේ මොකද මට වුණේ කියල.

ඔහු  නැවතත් ඉතා නිවුණු ගති පැවතුමස් ඇති කෙනකු ලෙස  දවස පුරාම කාලය ගත කළා. නමුත් බැටළු හම් පොරවාගත් වෘකයකු ලෙස ඔහුගේ ස්වරූපය රාත‍්‍රියේදි සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

මුල් දින රාත‍්‍රියේදි මෙන්ම ලිංගික  අඩන්තේට්ටම් පහරදීම්  ඔහු නිරන්තරයෙන් සිදුකළා. ඉතාමත් ආදරණීය සැමියකු- විදියටයි එම  නිසා මම පුළුවන් තරම් හිත හදාගෙන ජීවත්වෙන්න උත්සාහ කළා.

මේ ලිංගික එක්වීම ඔහු ඉතාමත් ප‍්‍රචණ්ඩකාරී කෙනකු බවට පත් කළ බව මට දැනුණා. මේ තත්ත්වය මෙම කෙසේ හෝ දරාගගන සිටියත් දවසින් දවස මගේ ජීවිතයේ විඳවීම් වැඩිවුණා.  

කිසිම කෙනකුට මේ ගැන පැවසීමට පවා මට හිතුණෙ නැත්තෙ කිසිම කෙනෙක් මෙය විශ්වාස කරතැයි මට හිතුණෙ නැති නිසයි. නමුත් බැරිම තැන මම මගේ යහළු ගුරුවරියකට සිදුවූ දෙය පැවසුවා. සාවදානව සියල්ල අසා සිටි ඇය ඊළඟ දවසෙ පාසලට පැමිණෙන විට සිරිකත පත්තරයක් රැගෙන  ආවා.  එය මාස කීපයක් පැරැණි එකක්. ඇය එය මට දී පැවසුවේ එහි එක් පිටුවක වූ ලිපියක් කියවන ලෙසයි. එහි තිබුණෙත් බිරිඳට රිදවීමෙන් ලිංගික සැපත ලබා ගැනීමේ රෝගය හෙවත් ලිංගික අවවර්තනය ැන ලියා තිබුණ ලිපියක් එය ලියා තිබුණේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක්.

එය කියවූ විට මට දැනුණේ මමත් මගේ සැමියාත් මේ තත්ත්වයට පත්ව සිටින බවයි.

ලිංගික අවවර්තය යනු කුමක්ද? 

සාමාන්‍යයෙන් ලිංගික හැසිරීමක් යුවළක් අතර සිදුවන්නෙ දෙදෙනකු අතර අවබෝධයෙන් එය දෙදෙනාගේම සතුටට හේතුවිය යුතුයි. එම ලිංගික චර්යාවෙන් දෙදෙනාගෙන් එක් අයකුට හානියක් රිදවීමක් සිදුවනවානම් සමාජීයය වශයෙනුත් එය කිසිවකු  අනුමත කරන්නෙ නැහැ. සාමාන්‍යයෙන් ලිංගික ක‍්‍රියාවලියක් අන්‍ය අයට  හිරිහැරයක් නොවන ආකාරයෙන් මනා අවබෝධයෙන් යුතුව අන් කෙනා කෙරෙහි මනා අවබෝධයෙන් යුතුව ගෞරවයෙන්  සහ ආදරයෙන් සිදුවිය යුත්තක් නමුත් අන් අයට හානි වන අන්දමට ලිංගික චර්යාවල යෙදෙන්නන් ඉතාමත් කලාතුරකින් වුවද අපට දැකගත හැකියි. මේවා හඳුන්වන්නෙ ලිංගික අවවර්ත නැතහොත් DIOSORDERS OF SEXUAL යනුවෙන්.

පරපීඩා කාමුත්වය හෙවත් (SADISM) යනුවෙන් හඳුන්වන්නෙ තම සහකරුට හෝ සහකාරියට දරාගත නොහැකි වද හෝ වද හිංසාවලින් ලිංගික තෘප්තියක් ලැබීමයි. මෙය බොහෝ විට පිරිමින්ගෙන් දකින්නට හැකි වුවත් කලාතුරකින් කාන්තාවන්ද මෙම අසහනකාරි ලිංගික අවවර්ත වලින් පෙළෙන අවස්ථා ඇත.

මෙම කායික වද හිංසා නිසා සමහර විට එම සහකරුට හෝ සහකාරියට මානසික අවපාතයක් නැතහොත් ඩිස්ප්‍රෙෂන් තත්ත්වයකට ඔහු හෝ ඇය පත්වීමට ඉඩ ඇත. මේවා දරා ගත නොහැකිව තම ජීවිතයට හානි සිදුකර ගන්නා  අය පවා ඉතාමත් කලාතුරකින් දැකගත හැකියි. විෂාදය රෝගයේ මෙම පහර කෑමට ලක්වන සහකරු හෝ සහකාරිය විෂදය රෝගයට පත්වීමට ඉඩ ඇති නිසා මෙම පරපීඩා කාමුකත්වය ඖෂධ ප‍්‍රතිකාර ගත යුතු තත්ත්වයක් නිසාත් යුවළක් වශයෙන් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම වැදගත්. තවත් කලාතුරකින් පත්වන  තත්වයක් නම් සමපීඩා කාමුකත්වය නැතහොත් (MOSOCHISM) යන නමින් හඳුනාගත හැකියි. මෙහිදී සිදුවන්නේ සහකරු හෝ සහකාරිය ලවා තමන් වේදනාවට පත්කර ගැනීමෙන් ලිංගික තෘප්තියක් ලැබීමයි. මේ තත්ත්වයද පිරිමින්ට වැඩිය සමහරවිට ස්වපීඩා කාමුකත්වයෙන් පෙළෙන අය තමන්ව බැඳ පහර දෙමින් තමන්ව දුෂණය කරවා ගනිමින් ලිංගික ක‍්‍රියාකාරිත්වයේ යෙදීමට සහකරු සහකාරියට හෝ සහකාරියට සහකරුට බල කරන අවස්ථා ඇත. මෙහිදී වැදගත්  කරුණ වන්නේ වේදනා වැඩිවන තරමට ඔහුගේ හෝ ඇයගේ ලිංගික සතුට වැඩිවීමයි. මෙහි ඇති විශාලම ගැටලූව වන්නේ සාමාන්‍ය ආකාරයෙන් ආදරයෙන්  සෙනෙහසෙන්  ලිංගික එක්වීමේ හැකියාව කෙමෙන් කෙමෙන් ඔහුගෙන් හෝ ඇයගෙන් ඉවත්වීමයි. 

සමහර අවස්ථාවලදී පරපීඩා කාමුකත්වය සහ ස්වපීඩා කාමුකත්වය යන දෙකම එකට යෙදෙන අවස්ථාවලදී නැතහොත් සැඩෝ මැකොඩිසම් (SADO MASOCHISM)ලෙස මෙම තත්ත්වය හැඳින්වේ. මෙහිදී ඖෂධවලටත් අමතරව සයිකො තෙරපි (Cyco THERAPAY) නැතහොත් මානසික චිකිත්සාව ක‍්‍රම භාවිත කෙරෙයි.

මේ තත්ත්වයේදී දැනගත යුතු වන්නේ මේ රෝගී තත්ත්වයක් නිසාත් මෙය සඟවාගෙන දුක් නොවිඳ වහාම විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවී මේ සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර ගැනීමය. මන්ද බොහෝ විට මේ තත්ත්වයෙන් පෙළෙන අය මේ දේවල් අකමැත්තෙන් කරනවා විය හැකිය.
මෙම තත්ත්වය  පාදක කර ගනිමින් චිත‍්‍රපට  පවා ලොව පුරා නිර්මාණය වී ඇත.

සටහන -  ආරියසේන හඳුවල

 

හදිසියක් නැහැ..... හෙමින් යනවා ....  සුප්පා දෙවිය ..  අභිලාෂි Read Previous

හදිසියක් නැහැ..... හෙමින් යනවා .... සුප්පා දෙවිය .. අභිලාෂි

මම ඉපදුණේ  අම්මා මිය ගිහින්  දවස් දහයකට පස්සේ - මොහාන් රාජ් මඩවල Read Next

මම ඉපදුණේ අම්මා මිය ගිහින් දවස් දහයකට පස්සේ - මොහාන් රාජ් මඩවල

Realted Post

Leave a comment