පස්සෙන් ආපු පෙම්වතා මාව අනාථ කර පැනලා ගියා

ප්‍රශ්නය
මම විසි හැවිරිදි අයෙක්මි. විශ්ව විද්‍යාල වරම් ලැබෙනතෙක් බලා සිටිමි. මෙතෙක් මා පෙළෙන ප්‍රශ්නයකි. පෙම්වතා යැයි කියා මගේ පසුපස මාස ගණනාවක් පැමිණි තරුණයෙකු අතින් මා අනාථ විය. ඔහු මා බලෙන් එයට පොළඹවා ගත් අතර ඔහු කීපවරක්ම විවිධ ක්‍රමවලට මා ලිංගිකව ගොදුරු කර ගත්තේ ය. දැන් ඔහු මා හැරදා ගොසිනි. මා මුහුණ දුන් මේ සිද්ධිය නිසා මම මානසිකව පසුතැවෙමි. ජීවිතයේ විවිධ ආශාවන් හා බලාපොරොත්තු තිබුණද අතීතයේ මුහුණ දුන් සිදුවීම් නිතරම මතකයට එයි. වෛද්‍යතුමනි, යම් දිනෙක මම විවාහ වීමේදී මෙම සිද්ධිය නිසා ගැටලු ඇති වෙයිද? බොහෝ දෙනා පවසන ආකාරයට කන්‍යාභාවය නැති නිසා පෝරුවේ චාරිත්‍ර සිදු කරන විට සිහිසුන්ව ඇද වැටෙයිද? මෙම ගැටලුව නිසා මම දැඩි සේ මානසිකව වද විදිමි. වෙද්‍යතුමියනි, මම කළයුත්තේ කුමක්ද?
දුකෙන් පසුවෙන තරුණියක්

 

පිළිතුරු
සිදු වූ දේ ගැන සිතමින් තව තවත් පසුතැවිලි වීමෙන් ඵලක් නැත. මොනයම් හෝ හේතුවක් නිසා එවැනි දෙයක් සිදු වුවත් ඉන් ඔබ තවත් බරපතළ පසුතැවීමකට මුහුණ නොදීම සම්බන්ධයෙන් සතුටු වෙන්න. ඔබ බුද්ධිමත් දරුවක් නිසා ජීවිතයේ මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි. දැන් සිදු වූ දේ ගැන නොසිතන්න. එයින් ඔබගේ අධ්‍යාපන කටයුතු මඟ හැරෙන්නට ඉඩ ඇත. අතීතය අමතක කර දමා අනාගතයට බුද්ධිමත්ව මුහුණ දෙන්න. පෝරුවේදී සිහිසුන්වීම වැනි දේ මිත්‍යා අදහස් වේ. එවැනි දේ සිදුවන්නේ ඔබගේ මනස ක්‍රියාකරන ආකාරය අනුවයි. ඔබගේ විවාහ දිනයේදී සතුටින් ඉන්න. හිත හදාගන්න. මනස සන්සුන්ව තබාගන්න.

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Previous

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

අවැපහැ වූ දෙතොල් රෝස පාට කරගන්න Read Next

අවැපහැ වූ දෙතොල් රෝස පාට කරගන්න

Realted Post

Leave a comment