සතුටට ලිහිල්බව ගැටලුවක්ද?

ක්තරා සැමියකු විසින් එල්ල කරන චෝදනා ඉවසගන්න බැරිව තරුණ විවාහක කාන්තාවක් උපදේශන සේවාවකට පැමිණෙනවා. ඒ සිය සැමියා ද සමඟම යි. ඇය පවසන පරිදි ඇයගේ සැමියාට ඇයව සැක සහිතයි.

ඇයගේ සැමියා ඊට හේතු ලෙස දක්වන්නේ මේ කරුණු,

අපි විවාහ වෙලා අවුරුදු දෙකක් අපි දෙන්නා මුලින්ම ලිංගිකව එකතුවුණු දා පටන් මෙයාගේ යෝනියේ ලිහිල් බවක් තියෙනවා. මුල් දිනයේ රුධිරය පිටවුණත් ඇයට කන්‍යා පටලයක් තිබුණා කියල මම විශ්වාස කරන්නෙ නැහැ. මෙයා බොහෝ පිරිමි අය ආශ්‍රය කරලා ඇති. මට කිසිම දවසක ඇයගේ යෝනියෙන් සුව පහසු බවක් දැනුණේ නැහැ. එදා සිට මේ දක්වා ලිහිල් බව පමණයි තියෙන්නෙ ''

ඔහු මේ කියන හේතු සත්‍යයක් විය හැකිද?

ලිංගික සබඳතා තිබූ පමණින් යෝනිය ලිහිල්වන්නේ නැහැ. නමුත් එවැන්නක් වීමට වෙනත් හේතු පාදක වෙන්න පුළුවන්.

  • උපතින් යෝනි මාර්ගයේ ඉලස්ටික් තන්තු විශාල වී තිබිම
  • පුරුෂයින්ගේ ශිෂ්ණය විශාල වනවා වගේම කාන්තාවන්ගේද සුරාන්තයේදී යෝනිය විශාල වේ.
  • හරියාකාරව මෙම ඉලස්ටික් තන්තු පිහිටා තිබෙනවා නම් කොතෙක් සබඳතා පැවැත්වුවද නැවත යෝනිය තිබූ ආකාරයටම පත්වෙයි. මෙම තන්තු නිසි ආකාරව පිහිටා නොතිබීමෙන් යෝනිය නිතරම ලිහිල්බවක් ගන්නවා
  • ස්වාභාවික දරු උපත්වලදී මෙම ලිහිල් බව ඇති වෙනවා
  • වයස්ගත වීමත් සමග ඊස්ට්‍රජන් මට්ටම අඩු වීම නිසා යෝනි මාර්ග තන්තු ළතුනී වීමෙන් යෝනි මාර්ගය ලිහිල් වෙනවා.

මේ තත්ත්වයට කෙටිකාලීනව වගේම දිගුකාලීන පිළියම් තිබෙනවා. එනම්,

  • ලිංගික උපදේශකවරයකු මඟින් තෙරපි ලබා ගැනීම
  • Keygel
  • Laser Treatment

මෙම ක්‍රම මගින් යෝනි මාර්ගය ලිහිල් වීම වළක්වා ගැනීමට පුළුවන.

උපදෙස් - ඇමරිකානු මෝහන අධිකාරියේ ලියාපදිංචි මෝහන වේදි මනෝ උපදේශක (SLNIPC) සහ මනෝ චිකිත්සක, මනෝවිදාන ප්‍රවීණ දේශිකා හා ලේඛිකා, දුල්මිනි එස්. සෙනවිරත්න

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා Read Previous

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා

රස බලන්නම ඕන සාම්ප්‍රදායික රසකැවිලි 5ක් Read Next

රස බලන්නම ඕන සාම්ප්‍රදායික රසකැවිලි 5ක්

Realted Post

Leave a comment