සැමියා කැමති වුණත් මට බෑ

 

ගැටලුව
මම වයස අවුරුදු 45 ක එක්දරු මවක්මි. මගේ සැමියා හමුදාවේ සේවය කරයි. ඔහු කායික සම්බන්ධතාවට දැඩි ආශාවක් දක්වන්නෙකි. දිනපතාම වාගේ ඔහුට කායික සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය වෙයි. මට දැන් ඒ පිළිබඳ ආශාවක් නැත. ඊට හේතුව සම්බන්ධතා පැවැත්වීමෙන් පසුව යෝනි මාර්ගයේ ඇතිවෙන දැඩි වේදනාවයි. මේ පිළිබඳව සැමියාට පහදා දුන්නද ඔහු ඒ ගැන අවධානයක් නැත. ඔහුට වුවමනා වන්නේ ඔහුගේ අවශ්‍යතාව ඉටු කර ගැනීම පමණි. මේ නිසා රෑ වෙද්දි මට මහත් කලකිරිමක් ඇති වෙයි. සැමියා නොසිටින දිනවල පමණක් සිතේ සතුටින් රාත්‍රිය ගෙවා දමමි. වෛද්‍යතුමියනි, මෙය මට මහත් මානසික වදයකි. මාගේ මේ ගැටලුවට විසඳුමක් දෙන්න.

වේදනාවෙන් පීඩා විඳින කාන්තාවක්.

 

පිළිතුර
සමහර විට ඔබ ආර්ථවහරණයට වී සිටින කාන්තාවක් විය හැකියි. ආර්තවහරණය ආසන්නයේදී ඊස්ට්‍රජන් හෝමෝනයේ වෙනස්කම් සිදුවෙන නිසා යෝනි ප්‍රදේශය ආශ්‍රිතව යම් යම් වෙනස්කම් ඇතිවිය හැකියි. යෝනි මාර්ගය අවට පටලය වියළිවීම, යෝනි මාර්ගය අවට මාංශපේෂීන්ගේ ඇදෙන සුළු ගතිය අඩුවීම වැනි තත්ත්ව ඇති විය හැකියි. සැමියා හා එක්වීමෙන් පසු ඔබට ඇති වෙන වේදනාව නිසා මෙම ක්‍රියාවලියට ඇති අකැමැත්ත මත ලිංගික ප්‍රදේශය ආශ්‍රිත මස්පිඬු සංකෝචනය විය හැකියි. ඒවාගේම සැමියා සමග ඇති බැඳීම අඩු වූ විටත්, ඔහුට ඇති අකැමැත්ත නිසාත් මෙසේ විය හැකියි. ලිංගික ක්‍රියාවලියට යහපත් ලෙස සිදුවීමට මානසික හැඟීම් ද බලපාන බව මතක තබාගන්න. ඔබගේ ප්‍රශ්නය ගැන සැමියා සමග කතා කරන්න. හැමවිටම ධනාත්මක සිතුවිලිවලට යොමුවෙන්න. ලිංගික එක්වීමේදී සෘනාත්මක සිතුවිලිවලින් ඈත්වෙන්න. ඔබ මුලින්ම ප්‍රසව හා නාරි රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු හමුවෙන්න. ඉන්පසු ඔබ දෙදෙනාම උපදේශන සේවාවකටද යොමුවෙන්න. මෙය මඟ හරවාගත හැකි තත්ත්වයකි.


ලසන්තා

 

වන්දනා ගමන් යන්න පෙර Read Previous

වන්දනා ගමන් යන්න පෙර

මව් පදවිය ක්‍රියාශීලි ජීවිතයකට රුකුලක් කරගන්න Read Next

මව් පදවිය ක්‍රියාශීලි ජීවිතයකට රුකුලක් කරගන්න

Realted Post

Leave a comment