කුම්භ

කුම්භ -  ආර්ථික හා දේපල කෙරෙන් යම් යම් ලාභ 
ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතිය තුළ ගමන් කරන විලාසය මත සසදා බලන විට ඔබට මේ සතිය සතුට දනවන මෙන්ම අසතුට ද ඇතිවන මිශ්‍ර ඵල වලින් යුතු සතියකි. අධ්‍යාපන, රැකියා මෙන්ම ආර්ථික වශයෙන් ශුභදායී වෙනස්කම් ඇති කරයි. එනමුදු ප්‍රේම දිවියේ හා යුග දිවියේ ගැටලු ප්‍රශ්න කෙරේ අවධානයෙන් පසුවන්න. 
එබැවින් ඔබට මෙහිදී ආර්ථික හා දේපළ කෙරෙන් යම් යම් ලාභ ප්‍රයෝජනයන් සැලසුණත් තමා නිරත රැකියා ව්‍යාපාරාදියේ වැඩිදියුණුවට ස්ථාවර භාවයට විශේෂ යමක් සිදුනොවේ. හවුල් ව්‍යාපාර වල යෙදෙන්නන්ට ගැටලු මතුවන සතියකි. යුග දිවියේ මෙන්ම ප්‍රේම දිවියේ අනපේක්ෂිත අයුරින් අර්බුදකාරී තත්ත්වයක් මතුවන නිසා ඒ කෙරේ අවධානයෙන් පසුවන්න. 

සිංහ Read Previous

සිංහ

මකර Read Next

මකර

Realted Post

Leave a comment