මීන

මීන - විශ්වාසය බිඳ නොගන්න  
ඔබට මෙම සතියේ මැද දින තුනේදී ඉපැයීම් ක්ෂේත්‍රයට මෙන්ම තමා නිරත රැකියා ව්‍යාපාරයන්ට අලුත් වැඩ පිළිවෙළක් සැකසී ජීවිතයේ නව වෙනසකට පසුබිම සැකසෙනු ඇත. පොදුවේ මෙය ඔබේ උගත්කමට හැකියා කුසලතාවට නිසි තැන ලැබෙන සතියකි. බොහෝවිට මෙම සතියේ සෙසු දිනයන් තුළ ඔබට ඇති වැදගත් වැඩ රාජකාරියක් නැතත් ඔබ අනන්‍යයන්ට විවේක රහිත බවක්ද පෙන්වයි.  එම දුර්වලතා මෙහිදී සකසා ගන්න. නැතහොත් ඔබ කෙරෙහි අන්‍යයන් තැබූ විශ්වාසය බිඳ දැමීමට ඉඩ තිබේ. තමාගේ අධ්‍යාපනයේ කාර්යයන් මෙන්ම ඉපැයීම් හා රාජකාරි කටයුතු කෙරෙහි බාධක අවහිර යෙදෙන අතර මේවායේ ඇතැම් කාර්ය කටයුතුවලට රහස් සතුරු කුමන්ත්‍රණයක් ද ඇති වේ. ඒ නිසා පෙර සූදානමකින් කටයුතු කිරීම වඩාත් යෙහෙකි. 

කටක Read Previous

කටක

මකර Read Next

මකර

Realted Post

Leave a comment