සුන්දර මනාලියකට පෙරමන්
මංගල සාරිය තෝරාගැනීමේදී
යුවතියක් මනාලියක් වීමට පෙර සිටම මංගල උත්සවය සැලසුම් කරන කාලයේ සිට සිහින මවන්නේ එදිනට තමන් වඩාත් ආකර්ශනීයම සුන්දර මනමාලිය වීමටයි. එතනදි තෝරා ගන්නා මංගල විලාසිතාව එයට ලොකු පිටුවහලක් වෙනවා. ඒ නිසාම මංගල සාරියක් තෝරා ගැනීමට යාමයේදී ඇය තරමක් අතරමං වෙන්න පුළුවන් ඒ තරම්ම ආකර්ෂණීය විලාසිතාවන් තිබෙන නිසා. මනාලියක් වෙන දවසට මංගල සාරියකින් සැරසෙන්න සිතන ඔබ වෙනුවෙන් එය තෝරා ගැනීමට යාමේදී වන අපහසුතා මගහරවා ගනිමින් වටිනා ලස්සන සාරියක් එදිනට තෝරාගන්නේ කොහොමද කියල දැනුවත් කිරීමටයි මේ සූදානම.
මංගල සාරියක් තෝරා ගැනීමේදී.
සමේ වර්ණය.
මංගල සාරිය තෝරාගැනීමට යාමේදී මුලින්ම සමේ පැහැය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. සමේ පැහැයට අනුව සාරිය තෝරා නොගත හොත් ඔබ අධික වටිනා සාරියක් එදිනට ඇන්දත් සාරිය ඉස්මතු වී පෙනුනත් ඔබ කියන කෙනා එතරම් ඉස්මතු නොවී පෙනේ. සමේ පැහැය අනුව සාරිය තෝරා නොගැනීමෙන් සම අඳුරු වී පෙනීමට පුළුවන්.
සම්ප්‍රදාය ගැනත් සැලකිලිමත් විය යුතුයි.
ඔබ එදිනට සැරසෙන්නේ කුමන සම්ප්‍රදායටද අනුව කියන දේ ගැන බැලීම කළ යුතුයි.
මංගල උත්සවය පැවැත්වෙන වෙලාව ගැනත් සැලකිලිමත් විය යුතුයි.
මංගල උත්සවය පවත්වන වෙලාව ගැනත් අවධානය යොමු කළ යුතුයි. උත්සවය පැවැත්වෙන්නේ උදේ වරුවේ ද , රාත්‍රියට යන්න ගැන සැලකිලිමත් විය යුතුයි. එම කාලය අනුව අඳින සාරිය විලාසිතාව වෙනස් වෙනවා.
ඔබ එදිනට වටිනා ආකර්ෂණීය සාරියකින් සැරසී සිටියත් බාහිරට ඔබේ රුව ඉස්මතු නොවී යන්න පුළුවන්.
ඔබේ සහකරුවා ගැනත් සිතන්න.
ඔබේ සහකරුවාගේ උස කියන සාධකයත් බැලිය යුතුයි. මේ සාධකය සමහරු එතරම් ගණන් නොගන්න අවස්ථා තිබෙනවා. නමුත් ඒ පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. උදාහරණයක් විදිහට මනාලයා මනමාලයට වඩා උස නම් මනාලියගේ සාරි work එකෙන් තරමක් උස බව පෙන්වීම කරන්න පුළුවන්.
ඔබේ සිරුර ගැනත් සැලකිලිමත් විය යුතුයි.
ඔබගේ සිරුරේ හැඩය, සිරුරේ ප්‍රමාණය පිළිබඳ මිලදී ගන්නා සාරිය වැඩ දමා ඇති විලාසිතාව පිළිබඳ ව අවධානයක් යොමු කළ යුතුයි. උදාහරණයක් ලෙස සිහින් සිරුරක් තිබෙන යුවතියක් සාරියක් තෝරාගැනීමේදී තවත් කෙට්ටුවී පෙන්වන වරක් එකක් තිබෙන සාරියක් තෝරා නොගත යුතුයි. ඔබ තෝරා ගන්නා සාරිය වැඩ දමා ඇති විලාසිතාව ගැන සැලකිලිමත් වීමේදී තමන්ගේ සිරුරේ හැඩය සිරුරේ ප්‍රමාණය ගැන මූලික අවදානමක් යොමු කළ යුතුයි.
මිටි යුවතියක් නම් හරහට යන විලාසිතා වලට යෑමෙන් තවත් මහත මිටිකර පෙන්වීමක් කරනවා. එවැනි අයට සිරස් අතට තියෙන වැඩ දැමූ සාරි විලාසිතාවක් තෝරා ගැනීමෙන් සිහින් සිරුරක් ලෙස ඉස්මතු කර ගත හැකියි.
ඒ නිසා සිරුරේ හැඩය ප්‍රමාණය ගැන සැලකිය යුතුයි.
සාරියේ රෙදි වර්ගය ගැනත් සැලකිලිමත් විය යුතුයි.
මංගල සාරිය මිලදී ගැනීමේදී සාරිය රෙදි වර්ග ගැන අවධානය යොමු කළ යුතුයි. සාරි වර්ග තිබෙනවා සිරුරට ඇලී කඩා හැලෙන ප්‍රමාණය වැඩි , පිම්බෙන එවැනි සාරියක් තෝරා ගැනීමේදී ඔබේ සිරුරේ ප්‍රමාණයේ හැඩය සාරිය වර්ගය තෝරාගැනීම කළ යුතුයි. බොහෝ සිරුර කෙට්ටු යුවතියක් නම් සිරුරට ඇලෙන රෙදි වර්ග නිෂ්පාදිත සාරි වර්ගයක් තෝරා ගැනීමේන් ඇය තවත් කෙට්ටු කර පෙන්වීමට පුළුවන් . එම නිසා ඔබේ සිරුරට ගැළපෙන නිෂ්පාදිත රෙදි වර්ග ගැන සැලකිලිමත් විය යුතුයි.
සාරිය මිල ගණන් ගැනත් හිතන්න.
සාරියක් තෝරා ගැනීමට යාමේදී මුදල් පසුම්බිය ගැනත් ඔබ දෙවරක් සිතන කාලය ඇවිත් තිබෙනවා.
ඔබේ ආර්ථිකයට ගැළපෙන ඉහත කියපු කාරණා ගැනත් සිතා නිවැරදි මංගල සාරියක් තෝරා ගන්නවා නම් අලංකාර වටිනා ඔබට ගැළපෙන අනර්ඝ සාරියක් තෝරා ගැනීම කළ හැකියි.
ඒ වගේම ඔබ කොතරම් මුදල් වියදම් කරමින් සාරිය ගත්තත් කිසිම වැඩක් නැහැ ඔබට නොගැලපේ නම් ඒ නිසා මුලින්ම ඔබේ සිරුරට සමේ පැහැයට සහ අනෙකුත් දේවල් ගැන සිතා තෝරාගැනීමෙන් ලස්සන මනමාලියක වගේම ඔබට එදින හැමෝගෙම නෙත් පැහැර ගැනීමට හැකිවෙනවා.
මනමාලයාගේ විලාසිතාව ගැනත් ඔබ සිතිය යුතුයි.
ඔබේ සහකරුවා එදිනට අඳින විලාසිතාව ගැනත් ඔබ සැලකිලිමත් විය යුතුයි. උදාහරණයක් විදිහට මනමාලයා නිලමේ ඇඳුම අඳිනවා නම් තරමක් සම්පූර්ණ පිරුණු සාරි මෝස්තරයකට යා යුතුයි. එයට හේතුව නම් නිලමේ ඇඳුම කියන්නේ බොහෝ විලාසිතා වලින් පිරුණු ඇඳුමක්. මනාලියගේ සාරිය සාමාන්‍ය වර්ක් එකක් තියෙන සාරියක් නොගැලපේ.
ඒ වගේම මනමාලයා ආර්ය සිංහල ඇඳුමකින් සැරසෙනවා නම් මනාලිය සාරිය විලාසිතාවෙන් බොහෝ සාමාන්‍ය විලාසිතාවක් තියෙන සාරියක් ගැලපෙනවා. යුරෝපීය ඇඳුම මනමාලයා අඳිනවා නම් සාම්ප්‍රදායික සාරියක් තෝරා නොගත යුතුයි.
බතික් මංගල සාරියක් හෝ දේශීය සාරියකින් ඔබ සැරසෙන්නට කැමතිනම්.
ආරේ සින්හල ඇඳුම, නිලමේ ඇඳුමට මෙවැනි සාරි ගැලපෙනවා. මෙතනදිත් සමේ පැහැය, සිරුරේ ස්වභාවය , පවත්වන වෙලාව, ඔබේ සිරුරේ උස ප්‍රමාණය, මනාලයාගේ උස පිළිබඳගැන ඔබ සිතිය යුතුයි.
දේශීය නව නිපැයුම් සාරියක් තෝරා ගන්නවා නම් ලේස් වලින් කට්වර්ක් කරපු සාරි වර්ගයක් තෝරා ගැනීම වගේම ස්ටොන්, ස්ක්වින්ස්
වලින් වැඩදාපු සාරි වර්ගයක් තෝරා නොගැනීමෙන් ඔබේ ලස්සන තවත් ඉස්මතු කර පෙන්වයි.
තමන්ම මංගල සාරිය නිර්මාණය කර ගැනීමේදී.
ඉහත දැක්වූ සියළු අංග ගැන ඔබ සැලකිලිමත් වීම කළ යුතු අතර මූලික අවධානය යොමු කළ යුත්තේ සාරියේ රෙදි වර්ගය ගැන සාරියේ වැඩ දමන විලාසිතාව සාරියේ පැහැයට ගැලපීම අවශ්‍ය වීමයි.
නාලියගේ යෙහෙළියන්ට ගැළපෙන සාරි විලාසිතා තෝරාගැනීමේදී.
මංගල සාරියේ පැහැය මනමාලයාගේ ඇඳුම ගැනත් සිතිය යුතුයි.
ආභරණ.
ඔබ අඳින සාරියට ගැළපෙන ලෙසටම ආභරණ තෝරා ගැනීම කර යුතුයි. සමේ පැහැයට මුහුණේ ස්වභාවය ගැනත් සැලකිලිමත් විය යුතුයි.
වේල් එකක් දමනවා නම් තමන්ගේ සාරියට ගැලපීම අවශ්‍යයි. වේල් එකට විලාසිතාවක් දමන්නවානම් සාරියේ work එකට ගැලපෙන ලෙස එය දැමිය යුතුයි. ඒ වගේම කොණ්ඩ මෝස්තරය වැහෙන ලෙස වේල් එක නොපැළඳිය යුතුයි.
මෙවැනි දේවල් අනුගමනය කිරීමෙන් ඔබේ ආර්ථිකයට ඔබට ගැලපෙන ලෙස ලස්සන සුන්දර වටිනාකමක් ඇති මංගල සාරියක් තෝරා ගැනීමට ඔබට හැකි වෙනවා.
සටහන
මහේෂානි මීගහපොල
අදහස් දැක්වීම
ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි
සන්ධ්‍යා බණ්ඩාර

Leave a comment