අනාගත රජුගේ බිරිය රාජකීය කටයුතු වලින් ඉවතට

කේට් කුමරිය නැවතත් කිසිම දිනක රාජකීය වැඩකටයුතුවලට සහභාගී නොවීමට ඉඩ තිබෙන බව යූ.එස් වීක්ලි සඟරාව පසුගියදා වාර්තා කළේය. කේට් කුමරිය මෙම වසර තුළදී කිසිම මහජන උත්සවයකට සහභාගී නොවනු ඇතැයි පසුගිය සතියේ වාර්තා වූ බවද යූ.එස් වීක්ලි සඟරාව සඳහන් කළේය.

පිළිකා රෝගයට ගොදුරුවීම හේතුවෙන් කේට් කුමරිය පසුගිය මාර්තු මාසයේ සිට රාජකීය වැඩකටයුතු වලින් ඉවත්වී ප්‍රතිකාර ගැනීම ආරම්භ කළාය.ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කිරීමත් සමඟ කේට් කුමරිය සුවවෙමින් පවතින බවත් ප්‍රතිකාර අවසන් කිරීමෙන් පසුව ඇය වගකීම කුමක් විය යුතුද යන්න පිළිබඳව රාජකීය කණ්ඩායමක් ඇස්තමේන්තු කරමින් සිටින බවත් යූ.එස් වීක්ලි සඟරාව වාර්තා කළේය.

එම කණ්ඩායම ගන්නා තීරණය මත කේට් කුමරියගේ වගකීම් තීරණය වනු ඇති බවත් ඒ හේතුවෙන් කේට් කුමරිය නැවතත් කිසිම දිනක රාජකීය වැඩකටයුතුවලට සහභාගී නොවීමට ඉඩ තිබෙන බවත් යූ.එස් වීක්ලි සඟරාව සඳහන් කළේය.පිළිකා රෝගයෙන් පීඩා වින්දත් කේට් කුමරිය මවකගෙන් විය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු කරන බව එම සඟරාව වාර්තා කළේය. නැවත රෝගාතුර විය හැකි බැවින් 42 හැවිරිදි කේට් කුමරිය රාජකීය වැඩකටයුතුවලින් ඈත්කර තැබීමට එම කණ්ඩායම සළකා බලමින් සිටින බව යූ.එස් වීක්ලි සඟරාව ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍යයේ අනාගත රජු විලියම් කුමරුගේ බිරිය වන කේට් කුමරියට වැලඳී ඇති පිළිකාව සම්බන්ධව නිශ්චිත තොරතුරු වාර්තා නොවුවද, එය මුල් අදියරේ පවතින බවත්, ඒ සඳහා ඇය කීමෝ තෙරපි ප්‍රතිකාර ලබාගන්නා බවත් මීට පෙර වාර්තා වී තිබිණි.

ඇය තවමත් තරුණයි Read Previous

ඇය තවමත් තරුණයි

ඇය තවමත් තරුණයි Read Next

ඇය තවමත් තරුණයි

Realted Post

Leave a comment