ආදරෙයි නම් ගොඩක් ඔයත් ඒ මලට....

ආදරෙයි නම් ගොඩක් 
ඔයත් ඒ මලට....
හැකි සැම විටම, පූදින්න වෙරදෙන්න 

මල් කියන්නෙම භාෂාවක්...
මුවින් නොකියූ බොහෝ දෑ
වචන කළ හැකි....

 මල් 

ආදරෙයි නොකියාම
"ආදරෙයි" කියන.....
විරහවත් හරි ලස්සනට
වර්ණ ගන්වන.....

 මල් 

අතීතය, වර්තමානය, 
අනාගත මතකයන් 
බොඳවයන්නට නොදී
සිහි කරන සිහිවටනය ...

මල් 

ප්‍රේමයට දිය හැකි
ප්‍රේමණීයම අරුතක්...
මල් 

අකුණු පිට මහ අකුණු ගසා..
වැහි සලා බොල්ව බොඳව ගිය...
ඉරි තැළුණු හද සරු කරවීමට
සමහරුන් ගන්නා ⁣වීරියට ....

එවන් වීර්‍යයන් පිං පොතේ මතක තුළ නොමැකේවි
සසර වසනා තුරාවටම... 

මල් උයන් මැද හැඩට...
සුවඳ තවරූ මේ මලද...
සිත් පෙලා ඉරි තැළුණු ඒ මලද...
මල් උයනෙන් නික්මුණු එකීමෙකී
කොයි මලත් , මලක් ලෙසට ගෙන...

ආදරෙයි නම් ගොඩක් 
ඔයත් ඒ මලට....
හැකි සැම විටම...
පූදින්න වෙර දෙන්න ...
ලස්සනට ...
අලුත් මල් උයනක හැඩට....

කොයිකොහොම වුවත්..
ජිවිතේ නම් චාරිකාවෙ,
ආදරය පුද දෙන්න..
හැමදේම දරාගන්න පුළුවන් 
හිත් ඇති කෙනෙක් ලෙසට ..

සෙනෙහසින් ලියා තබමි !
ඉතිං මේ  මල් මිටිය ඔබට !

ඔබෙත් ලස්සන මලක් හා බැදුණු එවන් කතාවක් ඇති...   
සිරිකත පින්ක් අපි සූදානම් ඔබටත් ඔබේ අදහස් කියන්න, ලියන්න අවස්තාවක් දෙන්න.. 

ඉතිං අපිට Watzapp කරන්න.. 
සිරිකත Pink යැයි සඳහන් කර ඔබේ නිර්මාන... 
0765117723

අශ් ... අශන්ති වරුණසූරිය.

මාතලේ දිරිය කාන්තාවන් අගය කිරීමේ වැඩසටහනක් Read Previous

මාතලේ දිරිය කාන්තාවන් අගය කිරීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Next

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

Realted Post

Leave a comment