‎⁣දොරණාගොඩ ශීු සුමන්තින්දාරාම පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය ‎

දොරණාගොඩ ශ්‍රී සුමනතින්දාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය 2026 නොවැම්බර් 24 වැනි දිනට යෙදී තිබුණු පුර පසළොස්වක පොහෝ දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

දොරණාගොඩ ශ්‍රී සුමනතින්දාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති, බර්ලින් විහාරාධිපති, හුම්බෝල්ට් (Humboldt) සරසවියේ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී දේවානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පුණ්‍යෝත්සවය සංවිධානය කර තිබුණි.

මෙවර කඨින චීවරය වැඩමවීම දකුණු දොරණාගොඩ පේරුවේ කේ. ජී. එරංග නිරෝෂණ දායක මහතාගේ නිවසේ සිට ආරම්භ කෙරිණි. 23 වැනි දින මධ්‍යම රාත්‍රී 12.30 ට කඨින චීවරය රැගත් පෙරහැර සතර පේරුව ආවරණය වන පරිදි වීථි සංචාරය කර, 24 වැනි පොහෝ දින අලුයම ශ්‍රී සුමනතින්දාරාම රජමහා විහාරස්ථානයට ගෙවදින ලදී.

අනතුරුව, විහාරාධිපති නායක මාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් කඨින චීවරය පිළිගෙන, විනයානුකූල චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව විහාරස්ථානයේ වස් විසූ පූජ්‍ය රැලපනාවේ බුද්ධරක්ඛිත හිමියන් වෙත පූජා කරන ලදී.

හස්ති සේනා ගජබාහුගේ ආරක්ෂාවට ගෙන ගිය මෙහෙයුම Read Previous

හස්ති සේනා ගජබාහුගේ ආරක්ෂාවට ගෙන ගිය මෙහෙයුම

මව් සෙනෙහසට අරුතක් Read Next

මව් සෙනෙහසට අරුතක්

Realted Post

Leave a comment