විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් විශේෂ වැඩසටහනක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න ගේ මඟපෙන්වීම යටතේ, විශ්‍රාමික රණවිරු කටයුතු හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය එක්ව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ සුබසාධන වෛද්‍ය කඳවුරක් 2026 නොවැම්බර් මස 18 දින මින්නේරිය 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
 
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති සහභාගී වූ අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය ද එම අවස්ථාවට එක් වූවාය. 
 
යුද්ධ හමුදාව විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස සංවිධානය කරන ලද මෙම වැඩසටහන මඟින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පදිංචි විශ්‍රාමික රණවිරුවන්ගේ සෞඛ්‍ය හා අනෙකුත් සුබසාධන අවශ්‍යතා සපුරාලීම අපේක්ෂා කෙරිණි.
 
මෙහිදී විශ්‍රාමික රණවිරුවන් වෙත රෝද පුටු, කිහිලිකරු සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු උපකරණ රැසක් පරිත්‍යාග කෙරිණි. එමෙන්ම සාමාන්‍ය වෛද්‍ය සායන, කෘත්‍රිම අත් පා නඩත්තු සේවා, චර්ම රෝග හා දන්ත සායන, අක්ෂි සත්කාර සේවා සහ පෝෂණ උපදේශන සේවා ඇතුළු සෞඛ්‍ය සේවාවන් රැසක් ද මෙම කඳවුර තුළින් ලබාදීමට කටයුතු කරන ලදී. ඒ අනුව විශ්‍රාමික රණවිරුවන්, දැනට සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රැසකට මෙම වැඩසටහන තුළින් ප්‍රතිලාභ හිමිවිය.
 
තවද, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අලුත්වැඩියා කර නවීකරණය කරන ලද මින්නේරිය යුද්ධ හමුදා මූලික රෝහල නිල වශයෙන් විවෘත කිරීම ද මෙහිදී සිදු කෙරිණි. රෝහලේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, පවතින පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ සමස්ත රෝහල් පරිසරය වැඩිදියුණු කිරීම ඇතුළු කටයුතු රැසක් මෙම නවීකරණ වැඩසටහන යටතේ සිදුකර ඇත. මෙම වැඩිදියුණු කිරීම් තුළින් යුද්ධ හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ වැඩිදියුණු කළ වෛද්‍ය පහසුකම් සැලසීමට අපේක්ෂා කෙරේ. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරනු ලැබීය.
 
இராணுவத்தினால் பொலன்னறுவை மாவட்டத்தில் முன்னாள் படைவீரர்களுக்கான நலன்புரி உதவிதிட்டம்
 
Army Conducts Welfare Camp for Retired War Heroes in Polonnaruwa District 
 
Under the guidance of Lieutenant General Nilantha Premaratne RSP VSV USP nps psc, Commander of the Army, the Directorate of Veterans' Affairs and Rehabilitation, in collaboration with the Army Seva Vanitha Unit (ASVU), organised a special welfare camp for retired war heroes in the Polonnaruwa District at the Regimental Headquarters of the 7th Sri Lanka Artillery Regiment in Minneriya on 18 November 2026. The initiative aimed to address their welfare needs.

ගුණාත්මක දරුවෙක් නිවසින් බිහි කරමු Read Previous

ගුණාත්මක දරුවෙක් නිවසින් බිහි කරමු

ට්‍රම්ප්-පුටින් ජින්පින් හමුවෙති Read Next

ට්‍රම්ප්-පුටින් ජින්පින් හමුවෙති

Realted Post

Leave a comment