Who killed Kavanthissa ?

කාවන්තිස්සට යුක්තිය ඉටු කරන ලෙසත්, වගකිවයුතු බලධාරීන්ගෙන් වගවීම සහතික කරන ලෙස ඉල්ලමින්  RARE සංවිධානයේ අධ්‍යක්ෂිකා, සත්වවේදිනි පංචාලි පනාපිටිය ඇතුළු සත්ව සංවිධාන රැසකගේ දායකත්වයෙන් කොළඹදී විරෝධතා පා ගමනක සහ නිහඬ විරෝධතාවක නිරත වූහ.

කාවන්තිස්ස ඇතා වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙසත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් සංවිධානය කළ මෙම විරෝධතා පා ගමන තුන්මුල්ල මංසන්ධියේ සිට නිදහස් චතුරස්‍රය දක්වා පැවැත්විණි.

මෙම අවස්ථාවට පුද්ගලයන් 350කට අධික පිරිසක් එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ අනාගතය ආරක්ෂා කිරීමේ අරමුණින් ඔවුහු එකමුතුව මෙම විරෝධතාවට සහභාගි වූහ.

කාවන්තිස්සගේ සිදුවීම සම්බන්ධයෙන් බලධාරීන් වගකීම භාරගත යුතු බවත්, රාජකාරි පැහැරහැරීම සහ දූෂණ චෝදනා එල්ල වී ඇති වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ ඇතුළු අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත යුතු බවත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

මෙය එක් අලියෙකු වෙනුවෙන් පමණක් නැඟෙන හඬක් නොවේ. මිනිස් ක්‍රියාකාරකම් සහ විවිධ හේතු නිසා ජීවිත අහිමි වූ සියලුම අලි ඇතුන් වෙනුවෙන් මෙන්ම අනාගත පරපුරට අලි ඇතුන් දැකගැනීමට සහ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ඇති අයිතිය වෙනුවෙන් ද නැඟෙන හඬක් බවත් කවන්තිස්සා වෙනුවෙන් ආරම්භ වූ මෙම හඬ, මෙරට අලි ඇතුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු ජනතා හඬක් බවත්  පංචාලි පනාපිටිය මිය පැවසුවාය.

Wild Hearts සංවිධාන,TOF සංවිධානය, Justice for Animals සංවිධානය, Animal Welfare Trust යන සත්වවේදී සංවිධානයන්හි පිරිස් විවිධ ස්වෙච්චා සංවිධාන වල පිරිස් මෙන්ම අනුරාධපුර අලි මිනිස් සහජීවන පදනම ආදී වශයෙන් සත්ව සංවිධාන රැසක් මීට එකතු වී තිබිණි. 

බවර් සමූහයට Great Place to Work සහතිකය Read Previous

බවර් සමූහයට Great Place to Work සහතිකය

බව්වෝ 84%කට වැඩි පිරිසක් කාංසාවෙන්, බියෙන් Read Next

බව්වෝ 84%කට වැඩි පිරිසක් කාංසාවෙන්, බියෙන්

Realted Post

Leave a comment