සුව දිවියට ආයුර්වේදය

"සුව දිවියට ආයුර්වේදය" දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන වැඩසටහනේ මාතලේ දිස්ත්‍රික් ප්‍රදර්ශනය සහ විශේෂඥ වෛද්‍ය සායනය මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ  ප්‍රධානත්වයෙන් මාතලේ,  තැන්න ආයුර්වේද ග්‍රාමීය රෝහලේ පරිශ්‍රයේදී  පැවැත්විණි.

මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනට සමගාමීව තැන්න ආයුර්වේද ග්‍රාමීය රෝහලේ ඉදිකරන ලද ඇඳන් 18 කින් සමන්විත කාන්තා වාට්ටුව රෝගී සේවය සඳහා ජනතා අයිතියට පත්කිරීම ද  සිදු කෙරිණි.

මෙහිදි කායික රෝග, ශල්‍ය, ස්ත්‍රී රෝග, පංචකර්ම ඇතුළු විශේෂඥ වෛද්‍ය උපදෙස් හා නොමිලේ ආයුර්වේද ඖෂධ ලබා දීම සිදු කෙරිණි. එමෙන්ම බෝවන හා බෝනොවන රෝග පාලනය, පෝෂණය හා දේශීය ආහාර උපදේශනය, පංචකර්ම හා සන්ධි රෝග සුවතා කුටිය, ස්ත්‍රී රෝග හා මාතෘ සත්කාර, යෝග ප්‍රාණ්‍යාම හා ආතති කළමනාකරණය, ඖෂධ පැළෑටි හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව දැනුම්වත් කිරීමට විශේෂ අධ්‍යාපනික ප්‍රදර්ශන කුටි ද  මේ සඳහා එක්කර තිබිණි.

ආයුර්වේද ඖෂධ අලෙවිසැල් නියාමනය සඳහා සැකසූ වෛද්‍ය නිර්දේශ අඩංගු ඖෂධ සම්බන්ධයෙන් විස්තර පවත්වාගෙන යාමට අවශ්‍ය ලේඛන ඔසුසල් හිමියන් වෙත බෙදාදීම, පාරම්පරික වෛද්‍ය වෘත්තිකයන් සදහා රෝගී නාම ලියාපදිංචි කිරීමේ ලේඛණ ලබාදීම ද වාණිජ ඔසු වගාකරුවන් සඳහා ඔසු පැල ලබාදීම ද සංකේතාත්මකව මෙහිදී සිදුකෙරිණී.

මෙම අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දීප්ති වාසලගේ මහත්මිය,  මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි මහතා, මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් එල්.කේ. දිසානායක මහත්මිය, මාතලේ තැන්න ආයුර්වේද ග්‍රාමීය රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී ආර්. ජයසිංහ මහතා සහ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඇතුළු ප්‍රදේශවාසින් පිරිසක් මේ සඳහා එක් වූහ.

අන්තර් දෙපාර්තමේන්තුට සුවිශේෂී ජයග්‍රහණයක් Read Previous

අන්තර් දෙපාර්තමේන්තුට සුවිශේෂී ජයග්‍රහණයක්

ලියෝ පාප්තුමා ලතින් ඇමෙරිකා සංචාරයක් අරඹයි Read Next

ලියෝ පාප්තුමා ලතින් ඇමෙරිකා සංචාරයක් අරඹයි

Realted Post

Leave a comment