Making the Case for Investing in Children

පසුගිය 10 සහ 11 දෙදින ප්‍රංශයේ පැරිස් නුවර පැවති 09 වන පැරිස් සාම සංසඳයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහභාගී වූ අතර සංසඳයට සමගාමීව Making the Case for Investing in Children යන මැයින් පැවති විශේෂ වටමේස සාකච්ඡාව සඳහා එතුමිය කථිකයෙකු ලෙස එක්විය.

Children First ප්‍රකාශනය නිසාවෙන් මෙවර සමස්ථ සංසඳය තුළම ළමුන් පිළිබඳව විශේෂ සංවාදයක් ගොඩනගා තිබුණු අතර මෙම සාකච්ඡාව හරහා ළමුන්ගේ ආරක්ෂාව සහ රැකවරණය, ළමුන්ට සුරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම, ළමා සෞඛ්‍ය සහ පෝෂණය, ගුණාත්මක මුල් ළමාවිය සංවර්ධනය යන මාතෘකා ඔස්සේ සිදුවිය.එහිදී අමාත්‍යතුමිය විසින් දැක්වූ අදහස්,

“ශ්‍රී ලංකාවේ දරුවන් පිළිබඳ පැහැදිලි දැක්මකින් කටයුතු කරනවා. එනම්, අපේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයේ දරුවන් පිළිබඳ දැක්ම  විදියට අපි සළකන්නේ  “දරුවන්ට සුරක්ෂිත ලෝකයක් – නිර්මාණශීලී අනාගත පරපුරක්” යන්නයි.
ශ්‍රී ලංකාව කියන්නෙ ලෝකයේ කුමන ස්ථානයක උපත ලැබුවද, සෑම දරුවෙකුටම ජීවත්වීමට, නිරෝගීව හා යහපත්ව වැඩීමට, අධ්‍යාපනය ලැබීමට සහ තම උපරිම හැකියාවන් සාක්ෂාත් කරගැනීමට සමාන අවස්ථාවක් හිමිවිය යුතුය යන විශ්වීය මූලධර්මය පිළිගන්නා රටක්.

මෙම ජාතික දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රමුඛතා ක්ෂේත්‍ර තුනක් ඔස්සේ ප්‍රායෝගික හා පද්ධතිමය ආයෝජනයන් සිදුකරමින් සිටිනවා. ඒවා තමයි සැමට සමාන, ප්‍රමිතිගත පූර්ව ළමාවිය රැකවරණය හා සංවර්ධනය, ළමා ආරක්ෂණය සහ මනෝ සමාජයීය යහපැවැත්ම තහවුරු කිරීම, සියලු දරුවන් අන්තර්කරණය කරගැනීම සහ මානව හැකියාවන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම.

අප දරුවෙකු වෙනුවෙන් ආයෝජනය කරන සෑම අවස්ථාවකම, අප ඉටුකරන්නේ සදාචාරාත්මක වගකීමක් පමණක් පමණක් නෙවෙයි. එමඟින් අප ශක්තිමත් හා අභියෝගවලට ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනඟන අතර, කාන්තාවන් මත පැටවෙන වැටුප් නොලබන සුරැකුම් කාර්යයන්හි බර අවම කරමින්, අපගේ සමාජයේ බැඳීම් සහ සහජීවනය ද ශක්තිමත් කරනවා.

විශේෂයෙන්ම, සංවර්ධනය සඳහා වෙන් කළ හැකි සම්පත් සීමා වෙමින් පවතින මෙවන් කාලයක, දරුවන් වෙනුවෙන් සිදුකරන ආයෝජන පසුවට කල් දැමිය හැකි වියදමක් නොවේ. එය කිසිසේත්ම කල් දැමිය නොහැකි අත්‍යවශ්‍ය වගකීම්.
මේ වගකීම් කවර රටක වුවද රජයන්ට පමණක් තනිව ඉටුකරන්න අමාරුයි. ඒ සඳහා ජාත්‍යන්තර සංවිධාන, සංවර්ධන හවුල්කරුවන්, පෞද්ගලික අංශය, සිවිල් සමාජය, සහ ප්‍රජාවන් අතර ශක්තිමත් හවුල්කාරිත්වයක් අත්‍යවශ්‍යයි.

මේක අවස්ථාවක් කරගන්න අපගේ ජාතික අත්දැකීම් බෙදාහදා ගැනීමටත්, ලෝකයේ සාර්ථක අත්දැකීම් හා යහපත් භාවිතයන්ගෙන් පෝෂණය වීමටත් ළමුන්ගේ යහපැවැත්ම නොසැලෙන ගෝලීය ප්‍රමුඛතාවක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත් ශ්‍රී ලංකාව සූදානම් බව ප්‍රකාශ කර කරන්න.”

එහිදී අමාත්‍යවරිය විසින් ආයතනගතව සිට සමාජගතවන තැනැත්තන්, අනාරක්ෂිත සහ අධි අවදානම් තත්ත්වයේ පසුවන බවට හඳුනාගන්නා දරුවන් සඳහා ස්ථිර නිවසක් සකස් කරගැනීමට නිවාස ආධාර ලබාදෙන "දිවියට සවියක්" වැඩසටහන පිළිබඳ පැහැදිලි කළ අතර එය සාකච්ජාවෙන් පසු බොහෝ රාජ්‍ය නායකයින් සහ ක්‍රියාකාරීන්ගේ පැසසුමට ලක්විය.

මෙම අවස්ථාවට රාජ්‍ය නායකයින්, රාජ්‍ය නොවන සoවිධානයන්හි විධායක මට්ටමේ නිලධාරීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් එක්ව සිටියහ.

රජය අයවැය ඉදිරිපත් කරන්නේ රටේ සැබෑ තත්ත්වයේ නිවැරදි දත්ත සඟවලා - විපක්ෂ නායක Read Previous

රජය අයවැය ඉදිරිපත් කරන්නේ රටේ සැබෑ තත්ත්වයේ නිවැරදි දත්ත සඟවලා - විපක්ෂ නායක

රාජ්‍ය අංශයේ අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩය යටතේ සුවිශේෂී ජයග්‍රහණයක් Read Next

රාජ්‍ය අංශයේ අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩය යටතේ සුවිශේෂී ජයග්‍රහණයක්

Realted Post

Leave a comment