වික්ටෝරියා වාන් දොරටු 06ක් විවෘත වෙයි

මධ්‍යම කඳුකරයට ඇද හැළෙන අඛණ්ඩ වර්ෂාවත් සමග තෙලදෙණිය වික්ටෝරියා ජලාශයේ  ජල ධාරිතාවය ඉහළ  ගොස් ,විකටෝරියා  ජලාශ වේල්ලේ වාන් දොරටු  06  ක්  ස්වයංක්‍රීයව  රාත්‍රියේ විවෘත වූ බව ,වික්ටෝරියා වේල්ල  භාර ඉංජිනේරූ වසන්ත  ඇහැලපිටිය  මහතා පවසයි..
 වත්මන්  ජල මට්ටම මුහුදු මට්ටමේ  සිට මීටර්  438 .12 (438.12 MSL ) දක්වා ඉහළ ගොස් ඇති බවද , මහවැලි අධිකාරියේ වික්ටෝරියා ජලාශ භාර  ඉංජිනේරූ වසන්ත  ඇහැලපිටිය  මහතා   පවසයි,

වේල්ලේ වාන් දොරටු විවෘත වීමත් සමග තත්පරයට කියුබික් මීටර් 504 (504 M /3 SEC)අධික ජල ධාරිතාවයක් මහවැළි  ඟඟට මුදාහැරෙන බව ,වේල්ල භාර ඉංජිනේරූ වරයා  සඳහන් කරයි.

වික්ටෝරියා වේල්ලේ වාන් දොරටු  විවෘත වී  ඇති ප්‍රමාණය  පහත දැක්වෙයි,
G. 01  දොරටුව මීටර් 0. 631
G.02  දොරටුව මීටර් 0 .746

G. 03  දොරටුව මීටර් 0 .770

G. 04  දොරටුව මීටර්  0 .708
G. 05  දොරටුව  මීටර්  0  .677
G.  06  දොරටුව  මීටර්  0 .710

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත වීමත් සමග මහවැළි ඟඟේ ජල මට්ටම ඉහළ ⁣යාමේ තත්ත්වයක් පවතින බැවින් මහවැළි ඟඟ දෙපස ජීවත් වන ජනතාව මෙන්ම මහවැළි ඟඟ පරිහරණය කරන  පිරිස් වඩාත්  අයධානයෙන්  පසුවන ලෙස මහවැළි බලධාරීන්  මහජනතාවට දන්වා සිටී.
ජලාශ වේල්ල භාර ඉංජිනේරූවන් තාක්ෂණ නිලධාරින් ඇතුලු කාර්ය මණ්ඩලය  දිවා රාත්‍රී වික්ටෝරියා වේල්ල  සහ අවට ජලාශ පෙදෙස නීරීක්ෂණ කටයුතු වල යෙදෙති.

ජේ.ඒ.එල්.ජයසිංහ සහ තෙල්දෙණිය චන්දන උඩුවාවල

රජය අයවැය ඉදිරිපත් කරන්නේ රටේ සැබෑ තත්ත්වයේ නිවැරදි දත්ත සඟවලා - විපක්ෂ නායක Read Previous

රජය අයවැය ඉදිරිපත් කරන්නේ රටේ සැබෑ තත්ත්වයේ නිවැරදි දත්ත සඟවලා - විපක්ෂ නායක

අවුරුදු 194ක් ජීවත් විය හැකිද? දිගු ආයුෂකට මඟ පෙන්වන දිනපතා පුරුදු 5ක් Read Next

අවුරුදු 194ක් ජීවත් විය හැකිද? දිගු ආයුෂකට මඟ පෙන්වන දිනපතා පුරුදු 5ක්

Realted Post

Leave a comment