හස්ති සේනා ගජබාහුගේ ආරක්ෂාවට ගෙන ගිය මෙහෙයුම

වන අලි ඇතුන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීම, වන සතුන්ට එල්ල වන තර්ජන අවම කිරීම සහ මිනිස් ජීවිත හා දේපළ සුරක්‍ෂිත කරමින් අලි - මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදාව මගින් ක්‍රියාත්මක කරන  ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම යටතේ තවත් විශේෂ මෙහෙයුමක් පසුගියදා දියත් කරන ලදී.

‘ගජබාහු’ හස්තියා නිරන්තරයෙන් සැරිසරන කැබිතිගොල්ලෑව, යාං ඔය - වාහල්කඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී වනාන්තර සහ නිවාස පරීක්‍ෂාවට ලක්කර තිබේ. එහිදී මසල් ලෝඩින් වර්ගයේ ගිනි අවියක්, පුරවන ලද පතොරම් කිහිපයක්, වන සතුන් දඩයම් කිරීමට යොදාගන්නා ලෝහ කඳන්, වනාන්තරය තුළ අටවා තිබූ මදු, සකස් කරන ලද මදු හා උගුල්, ඇත්දළ කොටස් තුනක්, වන සතුන්ගේ මස් මෙන්ම, වන සතුන් ඝාතනය කිරීමට යොදාගන්නා උල් පිහි ඇතුළු උපකරණ රැසක් සොයාගෙන ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන මෙම ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම මඟින් වන සතුන් දඩයම් කිරීම සහ වන අලි ඇතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඬපැවැත්වීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

හස්ති සේනා ගජබාහුගේ ආරක්ෂාවට ගෙන ගිය මෙහෙයුම Read Previous

හස්ති සේනා ගජබාහුගේ ආරක්ෂාවට ගෙන ගිය මෙහෙයුම

State of Journalism 2026 වාර්තාව එළිදක්වයි Read Next

State of Journalism 2026 වාර්තාව එළිදක්වයි

Realted Post

Leave a comment