ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල

මේ ඉන්නේ සචිනි චතුරංගි. මෙයාගේ අතීත කතාවනම් එච්චර ලස්සන එකක් නෙවෙයි.

මෙයා පොඩි කාලේ ජීවත් වුණේ උළු මෝල් වල. හැබැයි මෙයා හොඳට ඉගෙන ගත්තා.  ජීව්තේ පරාදවෙන්න ඉඩදුන්නේ නැහැ. A/L කරද්දී මෙයාගේ අම්ම නැති වෙනවා. නමුත් සචිනි එතනින් වැටුනෙ නැහැ. පවුලේ බර කරට අරගෙන ඇය ගාමන්ට් යනවා. ඉතින් ඊට පස්සේ තමයි හොඳම හරිය වෙන්න. A/L කරපු සචිනි හොඳ රෑන්ක් එකක් දාලා කැම්පස් යනවා. දෙමළ භාෂාවට ඇති ආසාව නිසා ඇය විශ්වවිද්‍යා;ලයේ දෙමල භාෂාව ඉගෙන ගන්නවා. සචිනි කාලෙකට කළින් ටික්ටොක් වීඩියෝ කරන්න පටන් ගන්නවා. නමුත් සචිනිට හරියට ඒ දේට හරියන පහසුකම් තිබ්බේ නැහැ. නමුත් සචිනි කොහොම හරි ඒ දේ කළා. හරියට පහසුකමක් වත් නැතුව පටන් ගත්ත සචිනිගෙ ටික්ටික් අකවුන්ට් එකේ ෆලෝවර්ස්ලා ලක්ෂ් 8ක් ඉක්මවලා තියෙනවා. මේ වෙනකොට සචිනි කොළඹ විශ්වවිද්‍යාලයේ උපාදි අපේක්ෂිකාවක්. ඇය ජීවිතේට ආපු හැම ප්‍රශ්නයක්ම දරාගෙන ඉස්සරහට ගිය ධෛර්‍යවන්ත කෙල්ලෙක්. සචිනි මෙතනින් නතර වෙන්නෙ නැහැ. විවිධ බ්‍රෑන්ඩ් ප්‍රමෝට් කරලා ඒ හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වෙනවා. එතනින් සචින් නතර වුනේ නැහැ, තමන්ටම කියලා රෝද හතරක් ගන්න සචිනිට හැකියාව ලැබුණා. 

ඊට පස්සේ සචිනිට ඉන්දීය දෙමළ චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව හිනි වෙනවා. අද වෙනකොට සචිනි රටක් ලෝකයක් ආදරය කරන තැනට පත් වෙලා ඉවරයි. ඉන්දියාව මැලේෂියාව වැනි රටවල් තුලින් ද්‍රවිඩ ආදරය ලැබිච්ච චරිතයක් බවට සචිනි පත්ව හමාරයි. 

සටහන - කසුනි විජේසිංහ

අනතුරු වළකා වෙසඟ සිරි සමරමු Read Previous

අනතුරු වළකා වෙසඟ සිරි සමරමු

අනතුරු වළකා වෙසඟ සිරි සමරමු Read Next

අනතුරු වළකා වෙසඟ සිරි සමරමු

Realted Post

Leave a comment