ඔබට ඇත්තේ දුර්වල ප්‍රේමයක්ද?

සැබෑ ආදරයක පැවැත්ම හුස්ම ගැනීම තරම්ම ආයාසයෙන් තොරයි.
තවද සැබෑ ප්‍රේමයක් හඳුනා ගැනීමේදී එහි අව්‍යාජ සලකුණු කීපයක් තිබෙනවා . 
ඔහු ඇය ඔබේ අසම්පූර්ණ බව නොසලකා ඔබ ආදරය කිරීමට සුදුස්සෙකු බව ඔබට ඒත්තු ගන්වනවා.

ඒ වගේම එකිනෙකා ව සමතුලිත කරනවා.මෙය ඇත්තටම ආත්මීය ප්‍රේමය කියලා කියන්නත් පුළුවන්. ඔබ බිඳෙන තැන, කඩා වැටෙන තැන  දුර්වල වන තැන ඔවුන් ඔබව බලවත් කරනවා.
කාමන් හාරා කියන සායනික මනෝ විද්‍යාඥවරිය යුවළ ගණනාවක් හා සම්බන්ධව කරපු පයේෂණවලින් මේ පිළිබඳ තහවුරු කර තිබෙනවා..
ඔබෙන් නිකුත් වන නියුරෝන ශක්තියට සමීපම නියුරෝන ශක්තීන් අනෙකා තුළිනුත් නිකුත් වෙන නිසා ගැඹුරු තේරුම් ගැනීමක් අවබෝධ කර ගැනීමක්  එකිනෙකා සතුව පවතිනවා 
ඒ වගේම ඔවුනොවුන් අප්‍රකාශිත භාෂිතයන් පවා හුවමාරු කරගන්නවා.
මෙය මිනිස් සබඳතාවක උපරිම මට්ටම ට ළඟාවීමක් කියලයි කියන්නේ .
ඔවුනොවුන් ඔවුනොවුන් ගේ ජීවන ඉලක්ක වගේම  ඔවුනොවුන් ගේ ආත්මීය ඉලක්කවලට ළඟාවීමට උදව් කරනවා. ඔවුන් ඔබව ඔබගේ දුර්වලතා හඳුනා ගැනීමට පොලඹවනවා.
 එකිනෙකා ගේ තනිකම කාංසාව චිත්තවේග ගැටලු පවා සමනය කරගන්න උදව් වෙනවා.
මේ ලක්ෂණ තිබෙනවා නම් ඔබට ඔබේ ජීවිතයේ සැබෑ  ප්‍රේමය මුණ ගැසී තිබෙන්න පුළුවන්...
ඇත්තටම ඔහු - ඇය ඔබේ ජීවිත ගමනේම කොටසක් ලෙස සාධනීය කාර්යභාරයක් ඉටුකරනවා 
එවැනි ප්‍රේමය කිසිවිටෙකත් මනුස්සයෙක් දුර්වල කරන්නෙ නෑ...

  • උපදෙස් : මනෝ උපදේශක     කසුන් රාජපක්ෂ

 

 

ඔහු ගැයුවේ අපේ ජීවිතයයි Read Previous

ඔහු ගැයුවේ අපේ ජීවිතයයි

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින් Read Next

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින්

Realted Post

Leave a comment