කැලිෆෝනියාවෙන් නගරයක් මිලට ගමුද?

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඓතිහාසික නගරයක් වන කැම්පෝ අලෙවි කිරීම සඳහා ලැයිස්තුගත කර තිබෙන බවත් නගරයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6.6 ක් බවත් ටොප් ගන් සී.ආර්.ඊ දේපළ වෙළඳාම් සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

දෙවන ලෝක යුද්ධ සමයේදී කැම්පෝ නගරය හමුදා නගරයක් වී ඇති බවත් වර්තමානයේ පුද්ගලයන් 100 දෙනෙකු පමණ නගරයේ ජීවත්වන බවත් ටොප් ගන් සමාගම පවසනවා.

නගරය මිලදී ගන්නෙකුට ගොඩනැගිලි 20 ක් පමණ හිමිවන බවත් එම ගොඩනැගිලි අතර මහල් සහ තනි නිවාස මෙන්ම වාණිජ ගොඩනැගිලිද තිබෙන බවත් එම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. 

නැවත කැම්පෝ නගරය නගා සිටුවීමට සහ වත්මන් පදිංචිකරුවන්ගේ අවශ්‍යතාවයන්ට ගරු කරන අයෝජකයෙකු නගරය මිලදී ගැනීම යෝග්‍ය බවත් නගරය පිළිබඳ ඉදිරි දැක්මක් තිබෙන ආයෝජකයෙකුට නගරය විකිණීමට මුල් හිමිකරුද කැමැත්තක් දක්වන බවත් එම සමාගම ප්‍රකාශ කරනවා. 

සටහන -  කසුනි විජේසිංහ

අලුත් අවුරුදු නැකත් සිටිටුව 2026 Read Previous

අලුත් අවුරුදු නැකත් සිටිටුව 2026

කඳුරට ‘පිපෙන කැකුළු’ දූ දරුවෝ දුනුමඩලාවේදී අවුරුදු සමරති Read Next

කඳුරට ‘පිපෙන කැකුළු’ දූ දරුවෝ දුනුමඩලාවේදී අවුරුදු සමරති

Realted Post

Leave a comment