දැවෙන හදවතට අලූත් හුස්මක්.....

මධුමාලි ජයසිංහ


ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම තොරතුරු වලින් අනාවරණය  වෙනවා තරුණියන්, විවාහක යුවතියන්, පාසල් වයසේ ගැහැනු දරුවන් සිය දවි අහිමි කරගැනීමේ ප‍්‍රතිශතය වැඩිවෙලා තියනවා කියලා. පාසල් වයසේ ගැහැනුු දරුවන්, රැකියාවන් හි නිරත වන තරුණියන්, විවාහක තරුණියන්, මේ  ඕනෑම වයසක පසුවන තරුණියන් වැඩිපුරම සියදිවි නසාගන්නට හේතු මොනවද?
පාසල් කාලයේදි ගැහැනු දරුවන් සිය දිවි හානිකරගන්නට ප‍්‍රධානම හේතුව පාසල් කාලයේ දි ඇතිකරගන්නා පේ‍්‍රමය. මේ කාලය, කිසිම දෙයක දිගක් පළලක්, බරක් පතලක් නොතේරෙන කාලයක්. මේ වයස විවධ වූ අත්හදා බැලීම් කරන්නට පෙලෙඹෙනවා. මෙසේ සිදුවන්නට ප‍්‍රධාන වශයෙන් හෝමෝන ක‍්‍රියාකාරීත්වය  බලපානවා. අද අපිට අහන්න දකින්න ලැබෙන අඩුවයසින් ගැබ් ගැනීම්, ¥ෂණ, මරණ ....මේ අත්හදා බැලීම් වල ප‍්‍රතිඵල . මෙවැනි ජීවිත අවදානම් වලට ලක්වුණු ඒ වගේම නිසි වයසේදි සිදු නොකළ යුතු 
ලිංගික කටයුතු නිසා ගැබ් ගැනීම්, සමාජ රෝග සහ අධ්‍යාපනය කඩාකප්පල් වීම්, විරුද්ධ ලිංගිකයන් සමග ගත කරන වීඩියෝපට සමාජ ජාල ඔස්සේ සමාජගත වීම වගේ  හේතු නිසා  බොහෝ දෙනා මානසිකව විශාල වශයෙන් පීඩා විඳිනවා. මේ අධික මානසික  පීඩනය තමයි සිය දිවි නසා ගැනීමට ප‍්‍රධානම හේතුව.   තරුණියන් ගත්තම ඔවුන් කැමතියි සමාජයේ කැපී පෙනෙන චරිත බවට පත්වෙන්න. එහෙම නොවුණොත් ඔවුන්ගේ පෞරුෂයට ගැටලූ  ඇතිවෙනවා. සමාජය තුළ තමාව නොසලකා හැරීම සියදිවි නසාගැනීම් සඳහා යොමුවන ප‍්‍රවණතාවක් කියලා පර්යේෂණ වලින් 
තහවුරු වෙලා තිබෙනවා. 
මුලූගැන්වී සිටීම, හුදෙකලාව කටයුතු කිරීමට යොමුව සිටින තරුණියන් මේ ආකාරයෙන් මානසික පීඩාවන්ට ගොදුරු වන ප‍්‍රතිශතය වැඩියි. විවාහක තරුණියන් සියදිවි නසාගැනීම් වලට පෙලඹෙන්නේ සැමියාගේ අනියම් සබඳතා නිසා හෝ තමන්ගේ අනියම් සබඳතා නිසාවෙන්. මෙවැනි ගැටලූ නිසා මනසට ගෙනන අධික පීඩනය සියදිවි නසාගැනීම් වලට පොලඹවනවා.
කොහොමද මේ මානසික පීඩනයන්ට ගොදුරු නොවී සිටින්නේ? කෙටිම පිළිතුර, නිසි වයසේදි කළ යුතු  ක‍්‍රියාකාරකම් නිසි කාලයේදි සිදු කරන්නට යොමු විය යුතුයි. ඒ වගේම අනවශ්‍ය ලිංගික සම්බන්ධතා වලින් ඈත් විය යුතුයි. පාසල් යන වයසේ ගැහැනුු දරුවන් මවුපියන්ගේ මුදල් නිසි පරිදි ප‍්‍රයෝජනයට අරගෙන පුළුවන් තරම් තමන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ගේ අනාගතය ගොඩනගා ගැනීමට උත්සාහ කළ යුතුයි.  ඒ වගේම තරුණියන් ආදර සම්බන්ධතාවයකින් හෝ විවාහ යෝජනාවකින්, විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයා ගැන නිසි අවබෝධයක් ලබාගත යුතුයි. එසේම සම්බන්ධතාව දුර 
අරගෙන යන්නට කලින්. 
ලිංගිකත්වය පිළිබඳව වීඩියෝ පට සමාජගත වීම තුළින් පීඩාවට ලක්වන තරුණියන් බොහෝ දෙනා සිය දිවි අහිමි කරගන්නවා. මෙවැනි දේකට මුහුණ දෙන්නට සිදුවුණොත් ඔබ මුලින්ම ළඟම පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශයට ගොස් පැමිණිලි කරන්න කිසිදු දෙයකට බිය නොවී. ඒ වගේම කෙටි කාලයක් සමාජයට මුහුණ නොදි සමාජය මඟහැර සිටින්න. වැඩිහිටි දැනුම්වත් පුද්ගලයෙකුගෙන් උදවු ලබාගන්න. මෙවැනි අවස්ථාවන් වලදි නිවැසියන් වුණත් ඒ පීඩාවට පත්වුණු තමන්ගේ දරුවාට, සහෝදරියට, නැගණියට උදවු කළ යුතුයි.  
දරාගැනීම් ශක්තිය වැඩිපුරම තිබෙන කාන්තාව ඇයි මේ විදිහට සිය දිවි හානිකරගන්න පෙලඹෙන්නේ? බොහෝ දෙනෙක් කියනවා ඉවසලා ඉවසලා බැරිම තැන මේ දේ කළේ කියලා. ඉවසලා ඉවසලා බැරිම තැනයි ඔබ ඉවසිය යුත්තේ. ප‍්‍රශ්නයකට විසඳුම සියදිවි නසා ගැනීම නොවෙයි. ඔබට පුළුවන්නම් සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන්න ඔබ නිර්භීත යුවතියක්. මේ සියල්ල හමුවේත් ඔබට හිතෙනවා නම් සියදිවි නසා ගත යුතුයි කියලා ඔබ මානසික වෛද්‍යවරයෙක්, මානසික උපදේශකවරයෙක්  මුණගැහෙන්න. ඔවුන් හරහා ඔබේ  ඕනෑම ප‍්‍රශ්නයකට විස`දුමක් ලබාගන්නට හැකියාව පවතිනවා. ඒ වගේම ඔබට තිබෙන ඔනෑම ප‍්‍රශ්නයකට විස`දුම් ලබාදෙන්න ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය හරහා ක‍්‍රියාත්මක වන 1926 කියන කෙටි දුරකථන අංකය හ`දුන්වා දී තිබෙනවා. මේ ඔස්සේ සියදිවි නසා ගන්නට පෙලඹුණු බොහෝ දෙනාට නැවත අලූත් හුස්මක් ගන්නට, අලූතින් ජීවිතය පටන් ගන්නට අවකාශය ලැබී තිබෙනවා. ඔබත් යම් කාරණයක් නිසාවෙන්  මානසිකව පීඩා විඳිනවනම් දවසේ  ඕනෑම අවස්ථාවක මේ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබාදීලා විස`දුම් ලබාගන්නට පුළුවන්. ප‍්‍රශ්න වලට විස`දුම  සිය දිවි හානිකරගනීම නොවන බව අවබෝධ කරගෙන ජීවිතය අලූ තින්ම පටන් ගන්න .

මීන Read Previous

මීන

වෘශ්චික Read Next

වෘශ්චික

Realted Post

Leave a comment