පොලිසියත් එක්ක බත්කන ගිරවා

පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට දිනපතා ගිරවෙකු පැමිණ පොලිස් නිළධාරින් සමග මිත්රරශීලීව ඔවුන් සමග එකට ආහාර ලබාගන්නා බව පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයෙන් වාර්තා වේ.

ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ දෙවන මහලේ පිහිටී විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණෙන ගිරවා පොලිස් නිළධාරින් සමග මිත්ර ශීලී බවක් ගොඩනගා ඔවුන්ගේ කාර්යාල මේස මත සහ එහි අවට ගැවසෙන බවද වාර්තාවේ.

පොලිස් නිළධාරින් දිවා ආහාරය ලබාගන්නා අවස්ථාවලදී ඔවුන්ගේ බත් පාර්සල් වලට ළගාවී ආහාර අනුභවයටද පුරුදුවි සිටින අයුරුද දැකගත හැකිවිය.

ගිරවාට අවශ්යු වේලාවලදී කාර්යාලයෙන් බැහැරට පියඹා ගොස් නැවත කාර්යාලයට පැමිණෙන බවත්, කාර්යාල ජනෙල් කවුළු වසා තැබුව හොත් බොහෝ වේලාවක් ඒ අසල රැදී සිට ජනෙල් විවෘත කල සැනින් නැවත කාර්යාලයට පැමිණෙන බවත් උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.

කිසියම් නිවසක සුරතලයට ඇති කර තිබෙන බව පෙනීයන අතර ,එම පක්ෂියා මේ වනවිට කාර්යාලයට කිසියම් සුන්දරත්වයක් එක්කරන බවද වාර්තාවේ .

මෙම ගිරවා Rose ring parakeet (මාල ගිරව්) විශේෂයට අයත් බව පානදුර පරීසරවේදියෙක් පැවසීය.

මධ්‍යම පළාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Previous

මධ්‍යම පළාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

රසම රස රෙඩ් වෙල්වට් කේක් හදමු Read Next

රසම රස රෙඩ් වෙල්වට් කේක් හදමු

Realted Post

Leave a comment