රතු මුහුදේ වතුර යට අමුතුම විදියේ අතිනත ගැනීමක්...

මේ අමුතුම විදියේ විවාහ ගිවිස ගැනීම වාර්තා වෙන්නේ සෞදි අරාබියෙන්. සෞදි අරාබියේ යුවළක් තමන්ගේ විවාහ ගිවිස ගැනීම සඳහා අපූරු ස්ථානයක් තෝරාගෙන තිබෙනවා. ඒ සඳහා ඔවුන් තෝරාගෙන ඇත්තේ රතු මුහුදයි. ඔවුන් දෙදෙනා තමන්ගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය රතු මුහුදේ වතුර යට සමරා ඇති බව වාර්තාවේ. 

ජෙඩා නුවරට ඔබ්බෙන් වූ රතු මුහුදේ සුන්දර සාගර පරිසරය තුළ මෙසේ විවාහ ගිවිස රැගෙන තිබෙන්නේ කිමිදුම් කරුවන් දෙදෙනෙකු වූ හසන් අබු අල්- ඕලා සහ යස්මින් ඩෙෆ්ටාර්ඩර් යන අයයි.
මෙම අවස්ථාවට කිමිදුම්කරුවන් කුඩා කණ්ඩායමක් සහභාගි වී ඇති බව වාර්තා වන අතර දේශීය කිමිදුම් කණ්ඩායමක් වන සෞදි අරාබි කීමිදුම්කරුවන් ව්සින් විවාහ උත්සවය සංවිධානය කර තිබේ.

  • නයනා උදයංගනි

චිත්‍ර අඳින ගිම්හානි Read Previous

චිත්‍ර අඳින ගිම්හානි

ගර්භනී දියවැඩියාව පාලනයට සුදුසු ආහාර Read Next

ගර්භනී දියවැඩියාව පාලනයට සුදුසු ආහාර

Realted Post

Leave a comment