රතු මුහුදේ වතුර යට අමුතුම විදියේ අතිනත ගැනීමක්...

මේ අමුතුම විදියේ විවාහ ගිවිස ගැනීම වාර්තා වෙන්නේ සෞදි අරාබියෙන්. සෞදි අරාබියේ යුවළක් තමන්ගේ විවාහ ගිවිස ගැනීම සඳහා අපූරු ස්ථානයක් තෝරාගෙන තිබෙනවා. ඒ සඳහා ඔවුන් තෝරාගෙන ඇත්තේ රතු මුහුදයි. ඔවුන් දෙදෙනා තමන්ගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය රතු මුහුදේ වතුර යට සමරා ඇති බව වාර්තාවේ. 

ජෙඩා නුවරට ඔබ්බෙන් වූ රතු මුහුදේ සුන්දර සාගර පරිසරය තුළ මෙසේ විවාහ ගිවිස රැගෙන තිබෙන්නේ කිමිදුම් කරුවන් දෙදෙනෙකු වූ හසන් අබු අල්- ඕලා සහ යස්මින් ඩෙෆ්ටාර්ඩර් යන අයයි.
මෙම අවස්ථාවට කිමිදුම්කරුවන් කුඩා කණ්ඩායමක් සහභාගි වී ඇති බව වාර්තා වන අතර දේශීය කිමිදුම් කණ්ඩායමක් වන සෞදි අරාබි කීමිදුම්කරුවන් ව්සින් විවාහ උත්සවය සංවිධානය කර තිබේ.

  • නයනා උදයංගනි

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Previous

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment