වෙයන් නුඹ පරිස්සම්

යනෙන විට
මඟතොටේ
වෙයන් නුඹ පරිස්සම්
මහ වැස්ස හැම තැනම
ලිස්සලා බිම වැටෙයි
උස අඩි දාලා හෙම
වේගයෙන් නොයනු මැන
දිගම දිග ගවුම් වුව
නොඇද ඉනු මේ ටිකේ
පැටලිලා බිම වැටෙයි
වෙයන් නුඹ පරිස්සම්
එළි බහින හැම වෙලේ
කුඩයකුත් ගෙනියන්න
මේ වැස්සෙ ලෙඩ වෙලා
එපා නුඹ ගෙට වෙන්න
කිරිමට බොහෝ දේ ඇත නුඹට
හෙට දිනට....

  • සංදීපනී  මෙඩේරිගම

බෙල්ල කළු වන්නේ වෙනත් ගැටලුවක ලකුණක්ද? Read Previous

බෙල්ල කළු වන්නේ වෙනත් ගැටලුවක ලකුණක්ද?

බෙල්ලේ කළු පැහැය අඩු කරගන්න නිවසේදී කළ හැකි සත්කාර Read Next

බෙල්ලේ කළු පැහැය අඩු කරගන්න නිවසේදී කළ හැකි සත්කාර

Realted Post

Leave a comment