වෙයන් නුඹ පරිස්සම්

යනෙන විට
මඟතොටේ
වෙයන් නුඹ පරිස්සම්
මහ වැස්ස හැම තැනම
ලිස්සලා බිම වැටෙයි
උස අඩි දාලා හෙම
වේගයෙන් නොයනු මැන
දිගම දිග ගවුම් වුව
නොඇද ඉනු මේ ටිකේ
පැටලිලා බිම වැටෙයි
වෙයන් නුඹ පරිස්සම්
එළි බහින හැම වෙලේ
කුඩයකුත් ගෙනියන්න
මේ වැස්සෙ ලෙඩ වෙලා
එපා නුඹ ගෙට වෙන්න
කිරිමට බොහෝ දේ ඇත නුඹට
හෙට දිනට....

  • සංදීපනී  මෙඩේරිගම

’’ඔබේ ආදරණීය බලාපොරොත්තුව - රැකගැනීමේ වගකීම අපි ආදරෙන් වැළඳ ගන්නෙමු’’ Read Previous

’’ඔබේ ආදරණීය බලාපොරොත්තුව - රැකගැනීමේ වගකීම අපි ආදරෙන් වැළඳ ගන්නෙමු’’

’’ඔබේ ආදරණීය බලාපොරොත්තුව - රැකගැනීමේ වගකීම අපි ආදරෙන් වැළඳ ගන්නෙමු’’ Read Next

’’ඔබේ ආදරණීය බලාපොරොත්තුව - රැකගැනීමේ වගකීම අපි ආදරෙන් වැළඳ ගන්නෙමු’’

Realted Post

Leave a comment