හැම තැනම පෑඩ්ස් දාන්න එපා....

පෑඩ් එක පාවිච්චි කරලා ඉවර වුණාට පස්සෙ රවුමට ඔතලා වොශ් රූම් එකේ ඩස්බින් එකට දාන්න පුරුදු වෙන්න.

 එහෙම නැත්තන් ඒ වෙනුවෙන්ම වෙනම ඩස්බින් එකක් තියාගන්න.

වෙනම එකතු කරලා පුලුස්සා දමනවනම් එසේ කරන්න. හැබැයි බාගෙට පිලිස්සුණු කෑලි එළියෙ දාලා එන්න එපා.

 සුනකයින් කපුටන් වැනි සත්තු මේවා තැන් තැන් වල ගිහින් දානවා. එතකොට කාන්තා අපිටමයි හොද මදි.

කුණු ටැක්ටරයට දෙනවනම් සත්තුන්ට ඇදලා දාන්න බැරිවෙන්න පැක් කරලා දෙන්න. පේනවනෙ තැන්තැන්වල කුණු ගොඩවල්වල සත්තු මේවා ඇදලා දාලා තියනවා. දකිනකොට ලැජ්ජත් හිතෙනවා. 

දැන් කියයි ඕවා මොනවද සාමාන්‍යය දේවල්නෙ කියලා . එහෙම කියන අයට එහෙම කියාගන්න කියලා  ඔයා හරි දේ කරන්න. කාන්තාවන් විදියට  අපි අපේ ගෞරවය නැතිකරගන්න ඕනේ නැහැනෙ. 

හැමදෙයක්ම කරන නිවරදි පිළිවෙලක් තියනවනෙ. අන්න ඒ විදිය හරියට ඉගනගන්න.

පෑඩ්ස් වලදානවනම් ඒකත් හොදයි. ටිකක් ගැබුරට වල කපලා වලදාන්න. පොහොර වෙනවනෙ අන්තිමට.

 පිට තැනකට ගියත් පබ්ලික් වොශ් රූම් එකකට ගියත් ඇතුළ නොපෙනෙන ලෙස රවුමට ඇතුළට ඔතලා (බ්ලඩ්) අනිත් පෑඩ් එක ගලවන පටියෙන් ඔතලා ඩස්බින් එකට දාන්න. තැන් තැන් වල පේන්න දාන්න එපා. 

මේක කාන්තාවන්ගෙ දෙයක්නෙ. අපි කාන්තාවන් විදියට  හරි දේ කරන්න වගබලා ගන්න ඕන. ඒක බලාගෙන අපේ දුවලා ටිකත් හැදෙයි එතකොට.

  • සංදීපනී මෙඩේරිගම

රොෂාන්ගෙන් ලබන අවුරුද්දේ වැලන්ටයින් එකට Chocolate එකක් Read Previous

රොෂාන්ගෙන් ලබන අවුරුද්දේ වැලන්ටයින් එකට Chocolate එකක්

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ  පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු. Read Next

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු.

Realted Post

Leave a comment