අනෙකාගේ විශ්වාසය රකින්න

ඔයා එක්ක Comfortable කෙනෙක්  විදියට ජීවත් වෙනවනම් ඒ කෙනාව රකින්න.

එහෙම Comfortable  මිනිස්සු කියන්නේ එයාල කාටවත් නොකියපු , කාටවත් කියන්නෙ නෑ කියල හංගන් හිටපු සියලු දේවල් ඔයත් එක්ක කියනවනම්,' ඒ අත්දැකීම් බෙදා ගන්නවනම් අන්න ඒ අය රකින්න.
මිනිස්සු හැම වෙලාවෙම තමන්ගේ අභ්‍යන්තර ජීවිතය හැම කෙනාටම විවෘතව කියන්නේ නැහැ. විශේෂයෙන් අතිශය පුද්ගලික දේවල්. අනාගත ඉලක්ක, වගේ දේවල් තව කෙනෙක් එක්ක කියන්නේ බෙදා ගන්නේ ඒ කෙනා තමන්ට Comfortable කෙනෙක් කියලා දැනුණාම.
ඉතිං ඒ කෙනා හිතේ හිර කරගෙන පීඩා විඳින ජීවිතය කලකිරීමෙන් සිටි කෙනෙක් ඔයාට ළංවෙනව නම් එයාට සවන් දෙන්න.
කවුරුහරි කෙනෙක් ඒ විදියට ඔයා එක්ක එයාගේ අතීත මතක, ගෙවන වර්තමානයේ තත්පරයක පාසා වන සිදුවීම් ඔබ සමග බෙදා ගන්නවා නම් , අනාගත ඉලක්ක, හීන, ඔයාව විශ්වාස කරලා ඔයාට කියනවා නම් ඒ ඔයා එයාට Comfortable කෙනෙක් නිසා.
ඒ නිසා එයාට ඔයා ඉස්සරහ විවෘත වෙන්න දෙන්න. හිතේ තියෙන පීඩාවන්, කලකිරීම් , සතුට, ඉලක්ක මේ සියල්ල ඔයා ඉදිරියේ දිග හරින්න දෙන්න.
කිසිම අවස්ථාවක ඔයා Comfortable නැහැ කියලා දැනෙන්න දෙන්න එපා.
ඔයා Comfortable කෙනෙක් ලෙස ඔහු/ඇය විශ්වාස කිරීම ඔබ අගය කරන්න. ඔබ ආඩම්බර නොවන්න.

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ  පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු. Read Previous

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු.

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක් Read Next

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක්

Realted Post

Leave a comment