ටයිටැනික් සිදුවීමේදී මරණය තෝරාගත් කෝටිපති ජෝන්

සුප්‍රසිද්ධ ටයිටැනික් නෞකාව ගිලී යන මොහොතේ එකල සිටි කෝටිපතියෙකු වූ ජෝන් ජේකබ් ඇස්ටර් එහි ගමන් කළේය. 

ඔහුගේ බැංකු ගිණුමේ තිබූ මුදල කෙතරම්ද යත් එවකට ටයිටැනික් නෞකාවන් 30ක් තැනීමට වුවද එය ප්‍රමාණවත් විය. 

කෙසේ වෙතත් එම මාරාන්තික මොහොතේදී, තමා සදාචාරාත්මකව නිවැරදි යැයි සලකන දේ තෝරා ගත් හෙතෙම, ජීවිතාරක්ෂක බෝට්ටුවේ ඔහුට ලැබුණු ස්ථානය බියට පත් දරුවන් දෙදෙනෙකු බේරා ගැනීම සඳහා ලබා දී මරණය තෝරා ගත්තේය.

අමෙරිකාවේ විශාලතම ගබඩා ජාලයක් වූ Macy's හි අයිතිකරු වූ ඉසිඩෝර් ස්ට්‍රාවුස් සහ ඔහුගේ බිරිඳ වන අයිඩා ස්ට්‍රාවුස් ද එලෙසම ජීවිතාරක්ෂක බෝට්ටුවට නැගීම ප්‍රතික්ෂේප කළහ. 

මෙම ධනවත් පුද්ගලයන් ඔවුන්ගේ සදාචාර ප්‍රතිපත්ති අත් හැරීමට වඩා තම ධනයෙන් සහ ජීවිතයෙන් පවා වෙන්වීමට කැමැත්තක් දැක්වූහ. 

මෙවන් වටිනා මිනිසුන් මානව ශිෂ්ටාචාරයේ සහ මානව ස්වභාවයේ දීප්තිය ඉස්මතු කරයි.

  • අන්තර්ජාලය ඇසුරින්

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක් Read Previous

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක්

මෙහෙවර පැසසුම් Read Next

මෙහෙවර පැසසුම්

Realted Post

Leave a comment