පුංචි ඉඩමක වගා කරමු

නාගරීකරණයත් සමගම ලොකු ඉඩකඩක් අපට නැහැ. පර්චස් 10 ක් හෝ ඊටත් අඩු ප්‍රමාණයක ගෙයකුත් හදලා අපට ඉතුරු වෙන්නෙ ගෙමිදුලට බොහොම පොඩි කොටසයි. ඒ ඉඩකඩ බොහෝ විට යොදාගන්නෙ විසිතුරු මල් පැළ වෙනුවෙන්. ඉතින් මේ මල්ගස් අතරට එළවලු පැළ කීපයකුත් හිටවා ගත්තොතින් ආර්ථිකයටත් හොදයි නේද? ඒවගේම වස විස වලින් තොර ගුණ බෝග ශරීර සෞඛ්‍යයයටත් හොදයි. වගාව අපේ මනසටත් සතුට දනවන්නක් වනවා.  

මේ කියන්න යන්නෙ පුංචි ඉඩකඩක බටු පැළයක් සිටවා ගන්නා විදිය ගැන.

  • අවශ්‍ය  ද්‍රව්‍යය

1 නීරෝගී බටු පැළයක්
2 අගල් හයේ හයේ කුඩා වලක්
3 සුදු ලූණු පොතු, රතුලූණු පොතු, කෙසෙල් පොතු දවස් 3ක් පල් කරගත් වතුර ටිකක්
4 මතු පිට පස් කොටස් 2
5 ගොම කොටස් 1 
6 කොම්පෝස්ට් කොටස් 1 
7 එළවලු පොහොර ස්වල්පයක්

  • සාදා ගන්නා අයුරු,
  • කපා ගත් වලට මතුපිට පස්, කොප්පෝස්ට්, ගොම, පොතු පල් කර ගත් දියරය මිටවල් දෙකක් වගේ ප්‍රමාණයට එකතු කර එලවලු පොහොර ස්වල්පයකුත් එකතු කර සියල්ල හොදින් කළවම් කර වල පුරවා ගන්න.
  •  දවස් 2 ජලය දමන්න 
  • දවස් 2 කට පසු පැළය සිටුවන්න 
  • දිනපතා වතුර දමන්න.
  • සති දෙකකට පසු නැවතත් පැලය වටේට පස බුරුල් කර ඉහත මිශ්‍රණයම යොදා වතුර දාන්න.
  •  සත්තු ඉන්නවනම් ලූණු පොතු දවසක් පල්වෙන්න හැර එම වතුර  ස්ප්‍රෙ කරන්න.

මේ විදියට ඔබට පහසුවෙන් ඉවතළන ද්‍රව්‍ය  යොදාගෙන වස විස වලින් තොර බටු පැල දෙක තුනක් උණත් සාදාගන්න පුලුවන් ( ඉඩ තිබෙන ප්‍රමාණය මත) 

සංදීපනී  මෙඩේරිගම

මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ඇරඹෙයි Read Previous

මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ඇරඹෙයි

පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධව ගත් තීරණය.. Read Next

පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධව ගත් තීරණය..

Realted Post

Leave a comment