පුංචි පැටවුන්ගේ සිනහව ගින්නෙන් දවාලූ තායිලන්තයේ කඳුලු කතාව....

පුංචි පැටවුන්ට ලෝක ළමා දිනයත් එක්ක එදා හරි ලස්සන දවසක් උනා. 
ලෝක ළමා දිනේ ලස්සනට සමරන්න ,සතුටු වෙන්න එයාලා තෝරගෙන තිබුණේ ට්‍රිප් එකක්.
ගුරුවරුන්ට වගේම මේ පුංචි පැටවුන්ටත් එදා දවස ලස්සනට ගෙවන්න ගොඩක් බලාපොරොත්තු තියෙන්න ඇති. නමුත් හීනෙකින් වත් නොසිතූ ඉරණමකට මේ සියලුම දෙනාට මූණ දෙන්න වෙන්නේ මුලු ලෝකයක්ම කම්පා කරවමින්.
තායිලන්තයේ පසුගියදා සිදු වූ හදවත කම්පා කරවන බස්රථයේ හදිසි ගිනි ගැනීම නිසා ගුරුවරුන් තිදෙනෙක්ට වගේම  දරුවන් 22 ජීවිතයෙන් සමුගන්න සිදුවුණා. 
කෙසේ නමුත් ගුරු⁣වරු කියන්නෙම මව්පියන්ට දෙවනි නොවෙන දෙවිවරුන් බව හදවත් සසල කරවමින් මේ මහා විපත මැද අපට දැක ගන්නට ලැබුණා.
අනෙක් ගුරුවරුන් අතර ඇය අවසන් මොහොත දක්වාම ගිනි ජාලාව මැද දරුවන් රකින්නට අවසන් හුස්ම පොද දක්වාම සටන් කර තිබුණා. ඇය නමින් කනොක්වන් ශ්රිපොං ගුරුතුමිය. ගිනි ජාලාවට හසුවූ බස් රථයේ සුන්බුන් අතර ඇය දරුවන් තුරුලුකරගෙනම අවසන් හුස්ම වාතලයට මුදාහැර තිබුණා. අවසන් මොහොතේ පවා තම ජීවිතය දෙවැනි කොට දරුවන් රකින්නට ඇය අප්‍රමාණ වූ වෙහෙසක යෙදෙන්නට ඇති. නමුත් අවසානයේ කදුලක මතක සටහන් ඉතිරිකරමින් ඔවුන් සමුගන්නට ඇත.
කනොක්වන් ගුරුතුමියනි , ඔබත්, ඔබේ සහයක ගුරුවරියනුත්,  පුංචි දෙවදූතයන් සමඟ සාමදානයෙන් සැතපේවා.

  • නයනා උදයංගනී

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින් Read Previous

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින්

ගීතයෙන් සහ රූපයෙන් රස වුණු එදා රෑ Read Next

ගීතයෙන් සහ රූපයෙන් රස වුණු එදා රෑ

Realted Post

Leave a comment