යකඩ ගැහැනියක් වෙන්න...

වෙන්න...
සමාජයේ අපි ගැහැනු කියල කියන්නේ ළඳ, බොළඳ ගති ඇති අයට
නමුත් සමාජයෙන් දුන්න ඒ ලේබල් එක එල්ලන් හිටියොත් හරිද 
තනියෙන් ගමන් යන්න පුළුවන්
තනියෙන් වැඩක් කර ගන්න පුළුවන් 
අන්න එහෙම අයටයි යකඩ ගැහැනු කියන්නේ
මම හිතන්නේ යකඩ ගැහැණු බිහිවුණේ තමන් විසින් එ් අවස්ථාව උදාකරගෙනයි.
ඒ කියන්නේ
පුංචි කාලේ ඉදලම තාත්තගේ සෙවණේ ජීවත් වෙලා එක පාරටම තනි වුණාම සමාජයට මුහුණ දෙන්න වෙන්නේ තනියම. 
අන්න ඒ ගැහැනු තමා යකඩ ගැහැනු වෙන්නේ.
විවාහ වෙලා සැමියා මිය ගොස් හෝ සැමියා ඇයව දරුවන් සමඟ අතහැර ගියහොත්
අන්න ඒ ගැහැනු තමා යකඩ ගැහැනු වෙන්නේ.
මේ මොන විදියට යකඩ ගැහැනියක් වුණත් අපිට පේන්නේ ඇය හිතක් පපුවක් නැති ගැහැනියක් විදියට.
ඒත් ඇතුළාන්තය වෙනස්. සිංහ හම පොරවගෙන ඇය රඟ පානවා. 
ඇයත් ළඳ බොළඳයි.ඇයටත් ආදරය සෙනෙහස අවශ්‍යයයි. 
ඇයට රැකවරණය අවශ්‍යයි. 
ඇයටත් විවේකය අවශ්‍යයයි.
ඇත්තටම ඇය දරදඬු ලෙස යකඩ ගැහැනියක් වන්නේ ඇයට කරන්නම දෙයක් නැති වුණාම. 
කවුද කියන්නේ ගැහැනු කියන්නේ බොලඳ අය කියලා.
ගැහැනිය තමා පිරිමියාට වඩා ඉදිරියෙන් ඉන්නේ.  

 

කොළඹ සෘජු ගුවන් ගමන් සේවාව දියත් කිරීමට ප්‍රථම වියට්ජෙට් (Vietjet) ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානය ලෙස සම්මානයට පාත්‍ර වෙයි. Read Previous

කොළඹ සෘජු ගුවන් ගමන් සේවාව දියත් කිරීමට ප්‍රථම වියට්ජෙට් (Vietjet) ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානය ලෙස සම්මානයට පාත්‍ර වෙයි.

රසම රස රෙඩ් වෙල්වට් කේක් හදමු Read Next

රසම රස රෙඩ් වෙල්වට් කේක් හදමු

Realted Post

Leave a comment