වසර 2,000 ක් පැරණි ශරීරයක උදරයේ කොමඩු බීජ....!

ලේඩි ඩේ නම් කාන්තාව පැවත එන්නේ රාජවංශයකිනි. ඇයගේ මරණයෙන් වසර 2000 කට පසු ඇගේ දේහයත් සමඟ වටිනා කෞතුක වස්තු හා ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් චීනයේ මාවන්ග්ඩුයි නම් කන්දක් තුළින් හමුවී ඇති බව හෙළිවේ. මේ පුවත සමඟ වැඩි පිරිසක් ඇගේ සිරුරේ තවමත් රුධිරය තිබීම ගැන පුදුමයට පතවී සිටී. මරණයෙන් වසර දහස් ගණනක් ගතව තිබුණත් ඇගේ ශරීරය  විශ්මය ජනක ලෙස සංරක්ෂනය ව තිබීම ගැන පුදුමය පලකරයි. 

ඇගේ සියලුම අවයව හා රුධිර වාහිනී නොවෙනස්ව තිබී ඇති අතර, ඇගේ නහර වල A වර්ගයේ ලේ කුඩා ප්‍රමාණයක් ද තිබී ඇති අතර, හිසකෙස් සහ ඇහිබැමි පවා තිබී ඇති බව සඳහන් වේ.
ඒ වගේම විද්‍යාඥයන් ⁣විසින් සිදුකල පර්යේෂණවලදී ඇයගේ උදරයේ තිබී කොමඩු බීජ සොයාගෙන ඇති අතර එයින් ඔවුන් සැකකරුනු ලබන්නේ ඇය  ගිම්හානයේ කොමඩු කාලයේදී මිය ගිය බවයි.  

  • - අන්තර්ජාල පුවත් ඇසුරිනි -
  • නයනා උදයංගනී

ඔහු ගැයුවේ අපේ ජීවිතයයි Read Previous

ඔහු ගැයුවේ අපේ ජීවිතයයි

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින් Read Next

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින්

Realted Post

Leave a comment