හරියට දැනගෙන දික්කසාද වෙමු...

බැඳෙන තරම් ලෙහෙසියෙන් ලිහන්න නම් අමාරුයි. දික්කසාද වෙන්න  හිතාගෙන කවුරුත් කසාද බඳින්නෙ නැහැනෙ. නමුත් විසදා සමතයකට පත් කරගත නොහැකි මත ගැටුම්... අඩත්තේට්ටම්..ගුටි බැට හමුවේ  තව දුරටත් එකට ඉන්න බැහැයි කියලා  ඔබ තීරණය  කරනවානම් දික්කසාදයකට යා හැකියි. නමුත් අපට හිතූ හිතූ කාරණා මත  දික් කසාද නඩුව පවරන්නටත් බැහැ. එයට අධ්කරණය විසින් පිළිගත් කාරණා 3 ක් තිබේ.

  • 1 ද්වේශසහගත ලෙස අත හැර යාම
  • 2 අනාචාරය
  • 3 සුවකල නොහැකි ලිංගික බෙලහීනතාවය

මේ කරුණු 3 යටතේ දික්කසාද  නඬුවක් ගොණු කල හැක.

දික් කසාද නඩුවක් ගොණු කරනු ලබන්නේ රටේ සාමාන්‍ය  නීතිය යටතේ දිසා අධිකරණයකයි. එනම් එම විවාහ බන්ධනයට ඇතුල් වූ බල ප්‍රදේශයේ  හෝ පාර්ශවයන් පදිංචි ( විත්තිකරු, පැමිණිලිකරු හෝ සම විත්තිකරු) පදිංචි ඕනෑම බල ප්‍රදේශයක දිසාඅධිකරණයක් තුලයි.

නඩුව දිසා අධිකරණයේ ගොණු කල පසු අධිකරණය විසින් විත්තිකාර පාර්ශවයට සිතාසි නිකුත් කිරීම සිදු කරයි. එයින් දැනුම් දෙනුයේ ඔබට අසවල් උසාවියේ මේ දිනට මේ වේලවට නඩුකටයුත්තක් තියනවා. පැමිණන ලෙසයි. මේ සිතාසි තුන් ආකාරයකට යැවිය හැකියි.

  • 1 ලියාපදිංචි තැපෑලෙන්
  • 2 පිස්කල්වරයකු හරහා( සිතාසිය නිවසටම ගෙනත් දෙනු ලබන තැනැත්තා  පිස්කල්වරයා ලෙස හදුන්වයි)
  • 3 ආදේශ ක්‍රමය ( සිතාසිය විත්තිකරුගේ නිවසේ දොරේ අලවා යයි).

නමුත් මේ මොහොතේ අදාල විත්තිකරු සිතාසිය භාර ගැනීම දිගින් දිගටම මඟහරිනවානම්  ග්‍රාම නිලධාරී තුමා හරහා දැනුවත් කිරීම සිදු කරණු ලබයි.

සිතාසි නිකුත් කිරීමෙන් අනතුරුව අදාල යුවල පවුල් උපදේශනය සදහා යොමු කරයි. එයිනුත් සමතයකට පත් වන්නේ නැතිනම් නඩුව ඇසීමට තීරණය  කරණු ලබයි.

නඩු විභාගයෙන් පසු තීරණය  ලබා ගැනීමට මාස 3 ක් බලා සිටීමට සිදු වේ. එයට  හේතුව දෙදෙනා නැවත සමතයකට පත් වී සිටිය හැක. අනිත් කාරණාව මේ කාල සීමාව තුළ ගැබ් ගැනීමක් සිදුව ඇත්දැයි දැනගැනීමට. මේ දෙකෙන් කිසිත් සිදු නොවී නම් දික්කසාදය ලබා ගත හැක.

දික් කසාදයක් ලබා ගැනීම සදහා මෙච්චර  කාලසීමාවක් ගත වේයැයි නිශ්චිත වශයෙන්ම කිව නොහැක.අදාල අදිකරණයට විසදීමට තිබෙන නඩු ප්‍රමාණය.. පැමිණිල්ල ගොණු කිරීමේදී සිදුවන අතපසු වීම් වගේම නිවරදි ලෙසට පැමිණිල්ල ගොණු කර ගැනීමට නොහැකි වීම වගේ කරුණු කාරණා මෙයට බලපායි.

. ඉතින් ඔබට  වැටහෙනවනේ බදිනවට වඩා අමාරුයි දික්කසද වෙන එක කියලා . එය එක් අතකින් හොඳය.මන්ද යත් කසාදයක වටිනාකම සුරක්ශිත බව කාන්තාවට ලැබෙන නීතිමය රැකවරණය බොහෝ සෙයින් වටී. නැතිනම් හිතූ හිතූ පරිදි දික්කසාද වෙන්න ගියහොත් දරුවන්ට වෙන අසාධාරණය සුලුපටු නොවේ..  

අනිත් පැත්ත. නම් කොතරම් වධ වේදනා දරාගෙන වුවත් පවුල් කන්නට සිදු වෙනවා මේ දික් කසාද පටිපාටිය ටිකක් සංකීර්ණ වීම හේතුවෙන් ගොඩක්. පිරිස දික් කසාදෙකට යන්න මැලි වෙනවා.

ඉතින් අප තේරුණ්ගත යුත්තේ හොදට සිතා බලා කරුණු කාරණා සොයා බලා තමන්ගේ හිතට එකගව කැමති අයෙකු සමග විවාහයකට යාමයි. එවිට දික් කසාද වීම් අවම කර ගත හැකි වනු ඇත.

නීති උපදෙස්
කණිශ්ක  වීදියගෙදර

  • සංදීපනී  මෙඩේරිගම

මිලියන 15.5කට එක් වරක් සිදුවන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යය Read Previous

මිලියන 15.5කට එක් වරක් සිදුවන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යය

පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධව ගත් තීරණය.. Read Next

පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධව ගත් තීරණය..

Realted Post

Leave a comment