ක්‍රීඩාවේදී වයස කියන්නේ No. එකක් විතරයි

 

ලංකාවේ ක්‍රීඩාව ලෝකෙට ගෙන ගිය දක්‍ෂ ක්‍රීඩිකාවක් ලෙසින් නමක් දිනාගත් ඇය නමින් තිලකා ජිනදාස. ඔලිම්පික් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වගේම හිටපු ප්‍රධාන දැල්පන්දු  පුහුණුකරු විදියට ක්‍රීඩාව වෙනුවෙන් වටිනා සේවයක් ඉටු කරපු කෙනෙක් ඇය.  ඒක නිසාවෙන් සිරිකත Online අද දවසේ කතාබහ ඇය වෙනුවෙන් වෙන් වෙන්නේ මෙසේයි.

 

ඔබේ ආරම්භය දැල්පන්දු ක්‍රීඩාව නෙමෙයි නේද ?

පාසල් කාලයේදී මම මළල ක්‍රීඩාව වගේම දැල්පන්දු ක්‍රීඩාවත් එකටම තමයි කළේ. ඒ වුණාට මම ජාත්‍යන්තර තලයට මුලින්ම ගියේ මළල ක්‍රීඩාවෙන්.  ඒ ෆිට්නස් එකෙන්ම දැල්පන්දු ක්‍රීඩාවට යොමු වෙනවා. ඒ වෙලාවේ මගේ පිටියෙ පුහුණුකරු  මට කිව්වා  ජාත්‍යන්තර මට්ටමට යද්දි  ක්‍රීඩා දෙකක් කරන්න බැහැ. එක ක්‍රීඩාවක් තෝරගන්න කියලා. මට රැකියාව ලැබුණෙත් දැල් පන්දු ක්‍රීඩාවෙන්. ඒ දේවල් එක්ක මට හිතුණා දැලපන්දු තෝරගන්න.

 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පස් වතාවක් විතර  සාර්ක් තරඟ වලට ඔබේ දායකත්වය ලැබුණා. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන කිව්වොත් මුලින්ම මම තේරෙන්නෙ  1981දී ආසියානු තරඟවලට. ඒත්  හේතු කිහිපයක් නිසා මට ඒ දේ මඟ ඇරුණා. ඊට පස්සෙ 1984 තමයි සාර්ක් ක්‍රීඩාව ආරම්භ වෙන්නේ. එතන ඉඳලා අවස්ථා පහකදී ම මම ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ක් නියෝජනය කළා. ඒකෙන් තුන්වැනි තරඟය තමයි වාසනාවන්තම තරඟය බවට පත්වුණේ.

මොකද මට ඒකෙදි මෙඩල් තුනක් දිනා ගැනීමට පුළුවන්  වුණා. ගොඩක් අය කිව්වා වයසට  යන්න යන්න ක්‍රීඩාව  හරියන්නේ නැහැ කියලා. අපි වගේ චරිත ගැන හරියට හොයාගෙන ගියොත් ඒක නිකම්ම බොරුවක් බවට පත්වෙනවා. මොකද ජාතික මට්ටමට හරි ජාත්‍යන්තර මට්ටමට හරි ගියාම තමන්ට තමන්ව පාලනය කරගන්න පුළුවන්නම් ක්‍රීඩාවේ දී වයස කියන දේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක වචනයක් විතරයි.

 

ගැහැණු  ළමයෙකුට කොයි තරම් දුරකට ක්‍රීඩාව වැඳගත් වෙනවද?

මම හැමතිස්සෙම කියන දෙයක් තමයි හැම ශිෂ්‍යයෙක්ම වගේ තමන්ට අනන්‍ය ක්‍රීඩාවක් කළ යුතුයි කියන එක. ඒ වගේම තමයි කණ්ඩායම් ක්‍රීඩාවක යෙදීමත් අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. කණ්ඩායම් ක්‍රීඩාව ගත්තම ඒකෙ තියෙන ලොකුම වාසිය තමයි එකිනෙකාගේ දුර්වලකම්, වෙනස්කම් පහසුවෙන් හඳුනාගන්න පුළුවන් වීම. කණ්ඩායමක් ඇතුලේ දුර්වල අය වගේම ශක්තිමත් අයත් ඉන්නවා. ඒ හැමෝම  හඳුනගෙන  ගනුදෙනු කරන්න හැකියාවක් තියෙන්න ඕන.

 

කාන්තාවක් විදියට ක්‍රීඩා බිමට එනකොට විවිධ බාධක අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බාධක ජය ගත් හැටි කිවුවොත් ?

මම හිතන්නේ ඒක කෙනෙක්ගෙ පෞර්ෂත්වයත් එක්ක තීරණය වෙන දෙයක්. ගැහැණු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් තමන්ට තමන් ගැන තියෙන  ආත්ම විශ්වාසය මෙතනදි ගොඩක් වැදගත් වෙනවා. එක පාරක් ආසියානු ශුරතා  තරගාවලියට යන්න ක්‍රීඩා අමාත්‍යංශයෙ ෆිමේල් ඔෆිසර්ස්ලා එක්ක  මට කතා කරන්න සිද්ධ වෙනවා. එතකොට එයාලා අහනවා ඔයාලට මොනවද ලංකාව වෙනුවෙන් කරන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මම බය නැතුව සහතික වෙනවා අපි  අන්තිමයා වෙන්නේ නැහැ කීයටවත්. අපිට මැද හරි ප්ලේස් එකක් ගන්න පුළුවන් කියලා. ඒ කිව්වා වගේම අපි හයවැනි ස්ථානය ලබාගන්නවා.

 

ඔබ කණ්ඩායම් ක්‍රියාකාරකම් ගැන නිතරම කතා කරන කෙනෙක් විදියට කණ්ඩායම් ක්‍රියාකාරකම් නිසා ලබපු ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?

1997 දී අපේ කණ්ඩායමේ හැමෝම වගේ හිටියේ අවුරුදු 34 ට වැඩි කාන්තාවන්. එදා අපි හැමෝගෙම ශක්තිය බවට පත්වුණේ කණ්ඩායම් හැඟීම කියන එක. ඒක නිසා මම හැම වෙලාවෙම ළමයින්ට කියන්නේ අපි එකම අරමුණකට වැඩ කරන්න ඕන කියන එක. කණ්ඩායමට වාසියක් ගේන දෙයක් ගැන මිසක් අවාසියක් ගේන දෙයක් ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි නියම කණ්ඩායම් හැඟීම කියන්නේ. ඇවිදින එක, කන එක විතරක් නෙවෙයි නෙවෙයි හිතන එකත් හැමවේලවෙම කරන්න ඕන කණ්ඩායමක් කියන හැඟීම ඇතුව. මෙතනදී දක්ෂතාවය කියන දේ තියෙන්න ඕන. හැබැයි ඊටත් වඩා කණ්ඩායම් හැඟීම කියන දේ  තිබිය යුතුමයි.

 

හැම ජයග්‍රහණයක් පිටිපස්සෙම ජාතික සැළැස්ම කියන දේ ගොඩක් වැදගත් වෙනවා. ලංකාවේ අපට ජාතික සැලැස්මක් තියෙනවද ?

ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය  .දැල්පන්දු ගත්තත් මොන ක්‍රීඩාව ගත්තත් ජාතික සැළැසුමක් කියලා දෙයක් තියෙන්න ඕනේ. හොඳම උදාහරණෙ  2023 ජූලි මාසෙ 26 ලෝක කුසලාන තරඟ ආරම්භ කරන්න නියමිත වෙලා තියෙනවා. වෙන රටවල් වල පුහුණුවීම් පටන් අරන්. අපි තාමත් දන්නේ නැහැ අපේ රටේ ජාතික කණ්ඩායම කවුද කියලවත්. පුහුණුවීම් කරන්න  හිතලවත් නෑ. එතනින්ම පේනවනේ අපිට ජාතික සැළසුමක් නැහැ කියලා .

 

ලෝක කුසලානය සම්බන්ධව මොන වගේ  වෙනස්කම් ද ලංකාව පැත්තෙන් වෙන්න ඕන ?
 
ඇත්තටම ලොකු වෙනස්කමක් වෙන්න ඕනේ නැහැ. අනිවාර්යෙන්ම කන්ඩිෂන් පැත්තයි,  ෆිට්නස්  ලෙවල් එකයි වර්ධනය වීම අවශ්‍ය දෙයක්. තව දෙයක් කොයිතරම් ආසියානු තරඟ දිනුවත් හොඳ  ෆයිනැන්ෂලි බැකප් එකක් නැත්නම් එතනත් වැඩක් නැහැ. අපි තාමත් සෙල්ලම්  කරන්නේ ආසියාතික මට්ටමෙන් .ඒකත් වෙනස් වෙන්න ඕනේ. යුරෝපා වගේම අප්‍රිකානු මට්ටමෙනුත් අපි සෙල්ලම් කරන්න ඕන. පරිපාලනය වගේම ක්‍රීඩා අමාත්‍යාංශයත් මේ ගැන සොයා බලා ඊට  අවශ්‍ය ප්‍රතිපාදන සළසන්න ඕන. එතකොට අපිට පුළුවන් පහැමදාම ආසියාතික තරඟ විතරක් නෙවෙයි නෙවෙයි ලෝක කුසලාන තරඟත් නියෝජනය කරන්න.

සටහන - නෙත්මි තෂාරා
(ලංකාදීප Online පිටිය වැඩසටහන ඇසුරෙන්)

තන්තිරිමලයට යන පාරේ  මල් විකුණන ළියන්ගේ  ආයාචනය ... Read Previous

තන්තිරිමලයට යන පාරේ මල් විකුණන ළියන්ගේ ආයාචනය ...

CHUTNEY Read Next

CHUTNEY

Realted Post

Leave a comment