කිචන් එකට ගියාම මූඩ්එක වෙනස් වෙනවද?

නිවසකට ඇතු`ඵ වූ පසුව එම නිවසේ මු`ඵතැන්ගෙයි පිළිවෙළ සහ නාන කාමරයේ ඇති පිළිවෙලින් එම නිවසියන්ගේ සිතුම් පැතුම් සහ ජීවන වටපිටාව ගැන යම් අවබෝධයක් ලබාදෙන බව ඔබ දන්නවාද? ඒ අතරින් නිවසේ ප්‍රධාන තැනක් හිමිවෙන මු`ඵතැන්ගෙය කියන්නෙත් නෑදෑ හිතවතුන් නිතර පැමිණෙන ගැවසෙන තැනක්. මුළුතැන් ගෙයට ඇතු`ඵ වෙන කෙනකුට මෙහි තිබෙන පිළිවෙළ ආකර්ෂණීය බව ගැන දැනෙන්නේ, සුබවාදී හැඟීමක් නම්, ඒ ගැන ප්‍රශංසා හිමි වෙන්නේ නිවසේ බිරිඳට නැතිනම් මවටයි. දැන් කාලෙ මු`ඵතැන්ගේ හැම තැනකම බඩුමුට්ටු පුරවන්නේ නැහැ. දැක්ක ගමන් ආස හිතෙන්න මේ හැම දෙයක්ම ක්‍රමානුකූලව අස්කර තබන්න ඕනෑ. කොහොමද එහෙම කරන්නේ? ඒක ඔබ සිතන තරම් අපහසු නැහැ.

 

නිවසේ සාලය,නානකාමරය, සහ ප්‍රධාන නිදන කාමරය මෙන්ම මු`ඵතැන්ගෙයටත් කෙනෙක් ඇතු`ඵවන විටදීම පළමුව ඇසට දැනිය යුත්තේ නිදහස් හැඟීමක්. ඒ වෙනුවෙන් කරන්න වැඩ කිහිපයක්ම තියනවා. ඔබටත් මේ දේවල් කරල බලන්නට හැකියාවක් තියෙනවානම්, දන්නෙම නැතිව තමන්ගේ මු`ඵතැන්ගෙයටත් ලස්සන නිමාවක් එකතු කරගන්න පු`ඵවන්.
 

බඩු මුට්ටු පුරවන්න එපා

සමහර නිවෙස්වල මු`ඵතැන්ගෙය පිළිවෙළට අස් කර තිබුණත් එයට ඇතු`ඵ වූ පසුව දැනෙන්නේ කලබලකාරී පරිසරයක්. එහෙම වෙන්නේ තමන්ට හිතුන හිතුන තැන්වල මු`ඵතැන්ගේ බඩු මුට්ටු තබන නිසයි. මොන තරම් පිළිවෙළට අස්කළත් පිළිවෙළක් නම් පෙනෙන්නේ නැහැ.

නමුත් දැන් අලුත් විලාසිතාව නම් මු`ඵතැන්ගේ පමණක් නොව සම්පූර්ණ නිවසේම අවශ්‍යම බඩු මුට්ටු හැරෙන්නට අනෙක් සියල්ල පිටතට නොපෙනෙන ආකාරයට සැලසුම් කිරීමයි. මු`ඵතැන්ගෙයත් ඒ විදියට සැලසුම් කරන්න පු`ඵවන්.

වඩාත් සිත්ගන්නා සු`ඵ පෙනුමක් එකතු කරගන්න නම් ඔබේ මු`ඵතැන්ගේ පැන්ටි්‍ර ලෑල්ල පු`ඵවන් තරම් නිදහසේ තියාගන්න ඕන. ඒ මත කුඩා මල් බඳුනක් පමණක් තියනවනම් වඩාත් හොඳයි. ඒ සඳහා දැන් නිවෙස් ඇතුළත වගාකරන මල් පැළයක් වුණත් හොඳයි. අනෙක් සියලුම බඩු බාහිරාදිය පැන්ටි්‍ර කබඩ්වලට දමා පිටට නොපෙනෙන ආකාරයට තියාගන්න ඕනෑ. පිඟන් කෝප්ප මේ සියල්ලම පිටට නොපෙනෙන්න තියාග න්නට හැකි නම් වඩාත් හොඳයි.

බොහෝ නිවෙස්වල පැන්ටි්‍ර කබඩ් වල ඉඩ තිබියදීත් වැඩි දෙනෙක් තමන්ට අවශ්‍ය කරන බොහෝ දේවල් පැන්ටි්‍ර ලෑල්ල මත තබා ගන්නවා. නමුත් එයින් මු`ඵතැන්ගෙ යට හොඳ නිමාවක් ගන්න නම් අපහසුයි. පැන්ටි්‍ර කබඩ් නැති කෙනකුටනම් ප්ලාස්ටික් රැක් එකක් වගේ එකක භාජන කිහිපයක් වගේම බඩු බාහිරාදිය වුණත් අසුරා තබන්නට පු`ඵවනි. එමෙන්ම කෙනකුගේ මු`ඵතැන් ගෙයට තවත් ආකර්ෂණීය නිමාවක් රැගෙන එන අංගයක් හැටියට පැලට් ලීයෙන් හදන රාක්ක සවිකරගන්න පු`ඵවනි. මේ ක්‍රමය දැන් ඉතාමත් ජනප්‍රිය ලෙස නිසාම වැඩි දෙනෙක් එවා නිර්මාණය කරගන්නවා.

තමන්ට අවශ්‍ය කු`ඵ බඩු සියල්ල එකම පෙනුමක් තිබෙන බෝතල් ටිකක ඇසුරුම් කරගෙන පිළිවෙළට මේ රාක්ක වල අසුරාගන්න හැකි නම් හිතාගන්නවත් බැරිතරම් හොඳ නිමාවක් මු`ඵතැන්ගෙ යට එකතු කරගන්න අපහසු නැහැ. මේ වෙනුවෙන්ම එකම විදියේ බෝතල් වෙළඳපොලෙන් මිලදී ගන්න අවශ්‍ය නැහැ. එකම හැඩයේ හිස් ජෑම් බෝතල් ටිකක් වුණත් මේ විදියට හදා ගන්න පු`ඵවනි. මේ රැක් යොදා ගන්නා විට තට්ටු ක්‍රමයට මු`ඵතැන්ගේ කීප තැනකටම සවිකරගෙන ඒ මත මල් බඳුන් කිහිපයක් රඳවා ගන්නත් අමතක කරන්න එපා. එයින් මු`ඵතැන්ගෙට නැවුම් බවක් එකතු කරගන්න පු`ඵවන්.

විශේෂයෙන්ම බඩු භාණ්ඩ තෝරාග න්න විටදීත් සිතට එන විවිධ වර්ණ තෝරා ගන්නේ නැතිව එක් වර්ණ තේමාවක් පමණක් මු`ඵ තැන්ගෙයට තබා ගන්නවානම් වඩා හොඳ ගැළපීමක් එකතු කරගන්න පු`ඵවනි. මු`ඵතැන්ගෙයට ජනෙල් රෙදි සහ බඩු තෝරන විට ඒ සඳහා සුදුසුම වර්ණ වන්නේ කොළ, රතු, තැඹිලි සහ කහ වර්ණයයි. ඉතින් තෝරා ගන්නා බඩු භාණ්ඩ වුණත් මේ වර්ණ වලින් තෝරාග න්න අමතක කරන්න එපා.

වැඩිය නොහිතන මේ වගේ පුංචි දේවල් වලින් ඔබේ මු`ඵතැන්ගෙයට උසස් නිමාවක් ලබා ගන්නට හැකියාවක් තිබෙන බව අමතක කරන්න එපා.

සටහන උදයංගනී

 

 

 

International Mother’s Day Read Previous

International Mother’s Day

Sex චරිත මට මාර දෙයක් නෙමෙයි  Dasun pathirana Read Next

Sex චරිත මට මාර දෙයක් නෙමෙයි Dasun pathirana

Realted Post

Leave a comment