ප්‍රංශ ක්‍රීඩිකාවන් 250ක් - Raid Amazones 2023 මහනුවරට

 

Raid Amazones 2023 ප්‍රංශ ත්‍රාසජනක තරඟාවලිය මහනුවර දී පසුගිය දා (22) ආරම්භවිය. එහි දෙවනි දිනය වන (23වනදා)  ක්‍රීඩිකාවන් වික්ටෝරියා ජලාශයේ ඔරුපැදීමේ තරඟය සදහා එක්ව වූහ.

Raid Amazones යනු ලොව එකම සංචාරක කාන්තා ත්‍රාසජනක  තරඟාවලිය  වන අතර ශ්‍රීලංකන් ගුවන් සේවය එහි නිල ගුවන් සේවා  හවුල්කරුවා ලෙස කටයුතු කරයි.

තරගයේ ආරම්භක දිනයේදී මෙම ප්‍රංශ ක්‍රීඩිකාවන්  හන්තානේ සිට ගලහ දක්වා කිලෝමීටර් 11ක් පමණ දුරක ධාවන තරඟයකට සහභාගි විය. මාර්තු මස 28 වෙනි දින දක්වා මෙම ක්‍රීඩිකාවන් බයිසිකල් පැදීම, දිවීම ඇතුලු විවිද තරඟ ඉසව් සදහා එක් වීමට නියමිතය.

එඩිතර කෙල්ලක් - Poornima Anurangi Read Previous

එඩිතර කෙල්ලක් - Poornima Anurangi

බණ්ඩාරනායක අනුස්මරණ  ජාතික පදනමෙන්  රජයට මිලියන 250ක් Read Next

බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රජයට මිලියන 250ක්

Realted Post

Leave a comment