ජීවිතේ ජයගත්තේ කරාතේ ක්‍රීඩාවෙන්

ලොවෙන් එකෙක් එක දෙයකට හෝ සමත් කියා කීවාට සමහර චරිත ඇතුළෙ උපතින්ම හුඟක් දක්ෂතා සැඟව තිබෙනවා. එහෙත් තමන්ගේ දක්ෂතා හඳුනාගෙන සිහින ඉලක්ක හඹාගෙන යන්න උත්සාහ කරන්නේ බොහොම අඩු පිරිසක්. හුඟක් වෙලාවට කාන්තා පාර්ශ්වය විසින්ම ඒ සඳහා තිබෙන තමන්ගේ නිදහස සීමා කරගන්නවා. විවාහ වුණාම ඉගෙන ගන්න බෑ, ළමයෙක් එක්ක මොන රස්සාද, තමන්ගේ වැඩක්වත් කරගන්න කාලයක් නෑ, මේ විදියට හුඟක් කාන්තාවෝ තමන්ගේ හීන මරන්න ඒවා ඉදිරියෙන් වැට කඩුලු බැදගන්නවා. එහෙත් විවාහ වුණත් දරුවන් හැදුවත් ගැහැනියක් විදියට ජීවිතය හැම අතින්ම ජයගන්න පු`ඵවන් නම් එය වැදගත්. මේ කියන්න යන්නේ ඒ වගේ හීන ජයගත් ශක්තිමත් ගැහැනියක් ගැන. නමින් දිලිනි උපේක්ෂා වන ඇය එන්.එස්.බී.එම් :භීඊඵ* හරිත සරසවියේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරියක් සහ බ්ලැක් බෙල්ට්ලාභී කරාතේ ශූරියක්. ඇය තම ජීවිත අත්දැකීම් සිරිකත අප හා බෙදා ගත්තේ මෙලෙසයි.

 


අපි මුලින්ම කැමතියි උපේක්ෂා  කවුද දැනගන්න?
මම ක්ෂේත්‍ර කිහිපයක වැඩ කරන කෙනෙක්. ඒ වගේම බ්ලැක් බෙල්ට් කරාතේ ශූරියක්. විවාහ වෙලා ඉන්නේ. මමයි අම්මයි තාත්තයි මගේ දුවයි මහත්තයයි තමයි ගෙදර ඉන්නේ. විවාහ වෙලා දරුවෙක් සිටියත් මම තවමත් නිදහසේ ඉගෙන ගන්නවා. පර්යේෂණ කරනවා. මේ හැම දෙයක්ම කරන්න මට පවුලේ සහයෝගය තිබෙනවා. මම වගේම දුවත් මේ වෙනකොට පොතපතේ කටයුතුවලට අමතරව බාහිර විෂයන් ඉගෙන ගන්නවා. ඒ වගේම අපට ජීවිතේ හැම පැත්තක්ම කම්මැළි නැතිව ජයගන්න රහසක් තිබෙනවා. 

 


අධ්‍යාපන කටයුතු සහ රැකියාව ගැනත් කතා කරමු? 
ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ හොරණ තක්ෂිලා මධ්‍යම මහා විද්‍යාලයෙන්. මොරටුව විශ්ව විද්‍යාලයෙන් වාස්තු විද්‍යා උපාධිය සහ නාගරික සැලසුම්කරණය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාව හැදෑරුවා. ඒ වගේම දැනට මම ස්වීඩනයේ ස්ටොක්හොම් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටිනවා. ඒ ආචාර්ය උපාධිය මට එන්.එස්.බී.එම් හරිත සරසවියෙන් ලැබුණු ශිෂ්‍යත්වයක්. ඒ වගේම මම කරාතේ ක්‍රීඩාවට හුඟක් ආස කළා. මට ලොකු ආශාවක් තිබුණා ක්‍රීඩාවක් විදියට එය ඉගෙන ගන්න. ඒ නිසා ශ්‍රී ලංකා ජපන් කරාතේ ඇසෝසියේෂන් එක යටතේ ෂෝටෝකාන් කරාතේ ඩෝ :ියදඑදන්බ න්ර්එැ ාද* කරාතේ ශෛලිය ඉගෙන ගත්තා. එයින් පළමු ජාතික ක`ඵපටි ශූරතාව දිනා ගත්තා. ඒ සතුට තමයි මම ජීවිතේ ලබපු ලොකුම සතුට සහ ජයග්‍රහණය.

 

ඔබ විවාහක කාන්තාවක්, මවක්, කථිකාචාර්යවරියක්. ඒ වගේම තවමත් අධ්‍යාපනය ලබමින් සිටින කෙනෙක්. කොහොමද කාන්තාවක් විදියට ජීවිතේ සමබර කරගන්නේ?
මම මුලින්ම කිව්වනේ එයට රහසක් තිබෙනවා කියලා. ඒ ගැන කියන්නම්. හුඟක් දෙනෙකුට මේක විශේෂ නැතිවෙන්න පු`ඵවන්. නමුත් මම අත්දැකීමෙන් කියන්නේ මේ හැමදේකටම ශක්තිය ලැබුණේ ක්‍රීඩාවෙන්. මොළය වෙහෙසන්න, මහන්සිය, කම්මැළිකම නැතිව වැඩ කරන්න මගේ ජීවිතේට ක්‍රීඩාවෙන් ලැබුණු පන්නරය කියන්න වචන නෑ. ඒ නිසයි මම ක්‍රීඩාවක් විදියට කරාතේ තෝරාගත්තේ. එයින් කාන්තාවක් විදියට හරිම කඩිසරව හොඳ පෞරුෂයකින් වැඩ කරන්න අවස්ථාව හැදුණා. මම පාසල් කාලේ ඉඳලම ශාරීරික යෝග්‍යතාවලට යොමුවුණු කෙනෙක්. ඒ නිසා මම හිතන්නේ තමන්ගේ දරුවන් පුංචි කාලේ ඉඳලම කුමක් හෝ ඔවුන් කැමති ක්‍රීඩාවකට යොමු කරන්න පු`ඵවන් නම් මවුපියන් විදියට ඒක ඒ අයගේ අනාගතයට කරන විශාල ආයෝජනයක්. විශේෂයෙන් ජීවිතේට විනය, ශික්ෂණය, දරාගැනීමට හොඳම ප්‍රතිකාරය ක්‍රීඩාවක් කිරීමයි. ඉතින් මගේ ජීවිතේදී නිවැරදි තීරණ ගන්න, ආතතියකින් තොරව ඉගෙන ගන්න මේ හැමදේකටම ක්‍රීඩාවට යොමුවීම වාසියක් වුණා.


ඒ නිසාම මම මගේ දියණියත් පාසල් වැඩ කටයුතුවලට අමතරව බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කළා. ඇය හුඟක් කැමති පිහිනුම් ක්‍රීඩාවට. ඒ නිසා මම ඇයව ඒ පැත්තට යොමු කළා. නර්තනය සහ සංගීතයත් ඇය හදාරනවා. මම විශ්වාස කරනවා අධ්‍යාපනය හැම වෙලාවකම ක්‍රීඩාව සමග සමබර වෙන්න ඕනෑ කියලා. මොකද මගේ ජීවිතේට හැම දෙයක්ම ලැබුණෙ ක්‍රීඩාව නිසයි. 

 


කොහොමද පවුලෙන් ලැබෙන සහයෝගය?
ජීවිතේ හැම වැදගත් දෙයක්ම සිදුවුණේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරතුර. විවාහ වුණෙත් ඒ කාලේ. පශ්චාත් උපාධි ඩිප්ලෝමා එක කරන කාලේ තමයි මට දුව හම්බ වෙන්න හිටියේ. ඒ කාල සීමාව ලොකු අභියෝගයක් වුණා. නමුත් ඒ කටයුතු කොහොමහරි කළා. ඒ වෙනුවෙන් මගේ සැමියගෙන් වගේම අම්මා තාත්තගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ප්‍රශ්න එයි ඕනෑ තරම්. ඒත් අපට ඉලක්කයක් තියෙන්න ඕනෑ. මොකද අධ්‍යාපනය ඉවර කරන්න කාලයක් නැහැ. ඒක ලයිෆ් ටයිම් ප්‍රොජෙක්ට් එකක්. ඒ නිසා මම කාන්තාවක් විදියට අනෙක් කාන්තාවන්ට කියන්නේ මොන ප්‍රශ්න තිබුණත් තමන් ශක්තිමත් නම් පවුලේ ආදරයත් රැකගෙන තමන්ගේ හීනවලට යන්න ගැහැනියෙකුට බැරි නැහැ කියලයි.

 


කරාතේ ක්‍රීඩාවට යොමුවෙනවට මවුපියන්ගේ අකමැත්තක් තිබුණේ නැද්ද?
පාසල් යන කාලේ හුඟක් ගැහැනු ළමයි මාෂල් ආර්ට් කරන්නේ නැහැ. ඉතින් මට හිතුණා ඇයි ගැහැනු ළමයෙකුට බැරි ඒ වගේ විෂයක් හොඳට පුහුණු කරන්න කියලා. මගේ මවුපියන්ගෙනුත් මට එයට සහයෝගය ලැබුණා. නමුත් ඒකට අකමැති යා`ඵවෝ එහෙමත් හිටියා. ඒත් මම හිතුවා කාන්තාවක් විදියට තමන්ගේ ආරක්ෂාවට වගේම විශ්වාසයෙන් ජීවත් වෙන්න මේ වගේ ක්‍රීඩාවක් හුඟක් වැදගත් කියලා. ඉතින් මම ඒ හීනය කොහොමහරි ඉෂ්ට කරගත්තා.

සටහන - නයනා උදයංගනී


                  

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ Read Previous

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ

දවස් 7ම, 24පැයේම බඩ ඉල්ලන රසයට Blooming Breakfast Read Next

දවස් 7ම, 24පැයේම බඩ ඉල්ලන රසයට Blooming Breakfast

Realted Post

Leave a comment