කෑම කාමරේට පලතුරු කූඩයක්

නිවෙසේ කෑම කාමරයේ හෝ මුළුතැන්ගෙයි බිත්තිය සරසන්නයි මේ කතිර මැහුම් නිර් මාණය. මේස රෙද්දට වුණත් මේ පලතුරු වට්ටිය කදිමට ගැළපෙනවා. 

අවශ්‍ය ද්‍රව්‍ය

  • අයිඩා රෙදි
  • ටැපෑස්ටි ඉඳිකටුවක්
  • එම්බ්‍රොයිඩර් රාමුවක්
  • කතුරක්  
  • නිර්මාණයට අවශ්‍ය Anchor වර්ණ නූල්

නිර් මාණය කරන අයුරැ 

බිත්ති සැරසිල්ලක් විදිහට අලංකාර කතිර මැහුම් මෝස්තරයක් කිරීමේදී වඩාත් උචිත අඟලට 10ක් සහ අඟලට කොටු 16ක් සහිත අයිඩා රෙදි වර්ගයයි. අඟලට කොටු 10ක් ඇති අයිඩා රෙදි තෝරාගන්නේ නම් කැරලි නූල් පොටවල් හතරක් භාවිත කළ යුතුයි. අඟලට කොටු 16ක් ඇති අයිඩා රෙදි භාවිත කරනවා නම් නූල් පොටවල් දෙකක් භාවිත කිරීම ප්‍රමාණවත් වෙයි. ඔබ නිර්මාණය කරන බිත්ති සැරසිලි රාමු කිරීමට අවශ්‍ය නම් නිර්මාණය ආරම්භ කිරීමට පෙර රාමු කිරීම සඳහා නිර්මාණය වටා රෙදි කැබැල්ලේ ඉඩ ඉතිරි කර ගැනීමට අමතක නොකළ යුතුයි. ඒ සඳහා නිර්මාණය හතර පැත්තෙන්ම අඟල් දෙක බැගින් හෝ අඟල් තුන බැගින් ඉඩ තබා කපාගන්න. මීළඟට නිර්මාණයට අවශ්‍ය රෙදි සහ නූල් තෝරා ගැනීමෙන් පසුව නිර්මාණය කරන රූපය ඉස්මතු කර ගැනීමට මුලින්ම පින්තූරය වටා කොටු ගණන් කර නූල් ඇදගන්න. එවිට මසා ගැනීම පහසු වෙයි.
ඉන්පසු රූපයේ පෙන්වා දී ඇති සංකේතවලට අනුව කැරලි නූල් භාවිතයෙන් නිර්මාණයේ මැද සිට මසා ගැනීම ආරම්භ කරන්න. නිර්මාණයේ හැඩය මතුකර ගැනීම සඳහා අවශ්‍ය ස්ථානවලට කතිර භාග මැහුම් භාවිත කරන්න.

  • සංකේත සඳහා Anchor නූල්වලට හිමි අංක

  • A - 326
  • B - 2 white
  • C - 376
  • D - 295
  • E - 382
  • F - 1019
  • G -336
  • I - 900
  • J - 360
  • K - 925
  • L - 364
  • M- 844
  • N - 324
  • P - 302
  • Q - 1005
  • R - 292
  • S - 310
  • T - 1017

 

හිටපු ජනපති මහින්ද මහනුවරට Read Previous

හිටපු ජනපති මහින්ද මහනුවරට

විග් එකක් ගන්න එන්නෙ අඩඅඩා... යනකොට යන්නෙ හිනා වෙලා... පිළිකාව කළින් හඳුනාගන්න. Read Next

විග් එකක් ගන්න එන්නෙ අඩඅඩා... යනකොට යන්නෙ හිනා වෙලා... පිළිකාව කළින් හඳුනාගන්න.

Realted Post

Leave a comment