වෙනස්වෙමින් ජනප්‍රිය වෙන බ්ලවුස් විලාසිතා

White Scoop neck Tee

සාමාන්‍ය රවුම් කර සහිත සුදු පැහැති ටී‐ෂර්ට් එක විලාසිතාව අතිනුත්, ප්‍රයෝජනය අතිනුත් ඔබගේ ැඳුම් ගොන්නට නැතිවම බැරි විලාසිතාවක්. මෙම ටීෂර් එක ඕනෑම වර්ණයක කලිසමක් හෝ සායක් සමඟින් ඉතා පහසුවෙන් ගළපාගත හැකියි. සැහැල්ලු කෙළිලොල් පෙනුමක් ලබා ගැනීමට සාමාන්‍ය ඩෙනිම් කලිසමක් සමඟ ස්නීකර් සපත්තු යුගලක්ද, කාර්යාලීය විශේෂ අවස්ථාවක් සඳහා ටයිට් සායක් සහ ජැකට් එකක් සමඟත් මෙම ටී-ෂර්ට් වර්ගය භාවිතා කළ හැකියි.

Turtle neck tee
Turtle neck tee විලාසිතාව ඔබේ අල්මාරියේ ඇති ඕනෑම සායක්, කලිසමක් සමඟ ඉතා මැනවින් ගළපාගත හැකි අතර, සාමාන්‍ය පෙනුමකට වඩා වෙනස් නව පෙනුමක් පහසුවෙන් ලබා ගත හැකියි. ඔබගේ ගෙල ප්‍රදේශයේ ආවරණය වන පරිදි ඉහළට කර යෙදූ ටී‐ෂර්ට් වර්ගයක් වන මෙම විලාසිතා අංගය ඔබට සිහින් පෙනුමක් මෙන්ම ඔබගේ උස වැඩිකර පෙන්වීමට සමත් වේවි. ඉතින් මෙවැනි බ්ලවුස් විලාසිතා ඔබේ පෙනුමට අනුව නිවැරදිව ගළපා ගැනීමෙන් ආකර්ෂණීය පෙනුමක් වගේම අවස්ථාවට අනුව වෙනසක් ද එකතු කරගත හැකියි.

Button down shirt 
කාර්යාලය සඳහා අදින ටයිඩ් සායට, කලිසමට අඩි උස පාවහන් යුගලක් සමඟ මෙම කමිසය භාවිතා කළ හැකියි. ඔබ කාර්යාලයට යන යුවතියක් නම් මෙම වර්ගයේ බ්ලව්සයක් ඔබට අනිවාර්යයෙන් තිබිය යුතුමය. එයට අමතරව ඔබ සති අන්තයේ යන මිතුරු සාදයකට හෝ සැහැල්ලු ගමනකට නම් මේ බොත්තම් සහිත කමිසය සමග කොට කලිසමක් හෝ සාමාන්‍ය ජීන්ස් එකක් සමග කදිමට ගැළපේවි. 

Silk Cami
නිතර උණුසුම් දේශගුණයක් පවතින අපේ රටට නම් මෙවැනි ඇඳුමක් ඉතාම වැදගත්. ගුණාත්මකබවින් ඉහළ රෙදිවලින් නිමවන ලද මෙම අත් රහිත, පටි සහිත සැහැල්ලු බ්ලවුසයක් ඔබගේ අල්මාරියේ තිබිය යුතුමයි. සන්ධ්‍යා කාලයේ සාදයක් සඳහා සාමාන්‍ය ඩෙනිම් කලිසමක් සමග හෝ කාර්යාලයට හෝ ප්‍රිය සම්භාෂණයකට නම් ජැකට් එකක් සමග කදිමට ගළපාගත හැකි මෝස්තරයක් ලෙස මෙම විලාසිතාව හඳුන්වා දිය හැකියි.  

Peplum Top
කාන්තා ලාලිත්‍ය මැනවින් විදහා දක්වන විලාසිතාවක් ලෙස මෙම බ්ලව්සය හැඳින්විය හැකියි. මෙය පැරණි විලාසිතාවක් ලෙස සලකා බොහෝ අය ඉවත දැමුවත්, එයින් නිරතුරු ඔබට ලැබෙන්නේ නව්‍ය පෙනුමක්. ළා පැහැති හෝ සුදු පැහැති පෙප්ලම් බ්ලවුසයක් ඔබට බොහෝ ඇඳුම් සමග ගළපාගත හැකි නිසා මේ බ්ලවුසයටත් ඔබේ අල්මාරියේ ඉඩක් වෙන්විය යුතුමයි.
Tie waist top
ඔබගේ සිරුරේ හැඩය වඩාත් උද්දීපනය කිරීම සඳහා මේ විලාසිතා අංගය ඉතා උපකාරී වෙිවි.  මෙමඟින් ඔබේ සිරුර වඩාත් සිහින්ව සහ උසට පෙන්වන නිසා තරමක් පිරිපුන් සිරුරක් හිමි ඔබට වඩාත් සුන්දර පෙනුමක් ගෙන ඒමට මෙය උපකාරී වේවි.

සටහන ‐ නයනා උදයංගනී      

උපදෙස් - මුතුහාරී අත්තනායක B.Des(Hons) විලාසිතා නිර්මාණ වේදය සහ නිපැයුම් ප්‍රවර්ධනය පිළිබඳ උපාධිදාරී

 

කෑම කාමරේට පලතුරු කූඩයක් Read Previous

කෑම කාමරේට පලතුරු කූඩයක්

පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර Read Next

පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර

Realted Post

Leave a comment