සිරැරේ හැඩයට සාරි බ්ලවුසයක්

කාර් යාලයට අඳින්න වගේම උත්සව අවස්ථාවකටත්, සාමාන්‍ය ගමනකටත් කදිමට ගළපාගන්න පුළුවන් අලංකාර සාරි හැට්ට මෝස්තරයක් අද සිරිකත මැහුම් පිටුවෙන් ඔබට රැගෙන එනවා.

අවශ්‍ය මිමි

  • උරහිස මිම්ම
  • පපුව වට
  • ඉණවට
  • ඉණ දක්වා උස
  • පොයින්ට් උස
  • පොයින්ට්ස් අතර පරතරය

ඉදිරිපස කපන ආකාරය

හතරෙන් බෙදා අඟලක් එකතු කරගත් පපුව වට මිම්මට රෙද්ද නවාගන්න. එහි උස ඉණ දක්වා මැනගත් උසට ගන්න. පපුව දෙකට බෙදාගත් උරහිස මිම්ම උරහිස් රේඛාවෙන් හතරට බෙදා අඟල් එක හමාරක් එකතු කර ගත් ඉණ වට මිම්ම ඉණ රේඛාවෙත් ලකුණු කරගන්න. ඉතිරි සියල්ල රූපසටහනේ ආකාරයට ඇඳගන්න. 

පිටුපස පළුව

ඉදිරිපස ආකාරයටම රෙද්ද නමාගන්න. එහි උරහිස මිම්ම හා පපුව වට මිම්ම පෙර ආකාරයටම ගන්න. ඉණවට මිම්ම පමණක් හතරෙන් බෙදා එන අගය පමණක් ලකුණු කරන්න. ඉතිරි සියල්ල රූපසටහනේ ආකාරයට ඇඳගන්න.
අතෙහි හා කරෙහි අල්ලා ඇති රැලි පටිය සඳහා අඟල් 3ක් පළලට අවශ්‍ය දිග මෙන් තුන් ගුණයක් දිග රෙදිපටි රෙදි කොටස් 3 ක් ගන්න.

මසන ආකාරය

පොයින්ට් ලක්ෂ්‍යයේ සිට පහළ ඉණ දක්වා ඉදිරිපස ඩාට් එක මසාගන්න. දී ඇති මිමිවලට අනුව අතෙහි කෙලවරට රැලි පටිය අල්ලා ගන්න. පිටුපස පළුවෙහි මැද විවරය මසාගන්න. එහිදී පිටුපස විවරයක් තැබිය යුතු බැවින් ඉණ ආසන්නයේ එකහමාරක් ලකුණු කළ කොටස විවරයක් සිටිනසේ මසාගන්න. එහි හක් අල්ලා හෝ ගැට ගැසීමට පටියක් අල්ලා හෝ නිමකර ගන්න. පසුව උරහිස් මූට්ටුකර රැලි පටිය අල්ලා ගන්න. අංශය මසා අවශ්‍ය උස සිටින සේ වාටිය මසා ගන්න.

 

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ  වැරදි සඳහා පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කරන්න විශේෂ වැඩ පිළිවෙලක් Read Previous

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කරන්න විශේෂ වැඩ පිළිවෙලක්

හිටපු ජනපති මහින්ද මහනුවරට Read Next

හිටපු ජනපති මහින්ද මහනුවරට

Realted Post

Leave a comment