සිංහ

සිංහ  - ප්‍රීතිමත්  ගමන් බිමන්  
ඔබගේ අරමුණු සැලසුම් යම් පමණ ඉෂ්ට සිද්ධ කර ගැනීමට මෙම සතියේදී ඔබට ඉඩකඩ සැලසෙන්නේය. ප්‍රීතිමත් ගමන් බිමන් යෙදේ. ඔබ තම නිවසට ආයතනයට යම් යම් දේ මිලදී ගන්නා සතියකි. අවශ්‍යතා පිරිමසා ගත හැකි පරිදි මුදල් ලාභ ගෙනදේ. ස්වයං හා හවුල් ව්‍යාපාර ආදි කටයුතුවලද දියුණුවක් ඇතිවන දින හතකි. පසුගිය දිනවල හවුල් ව්‍යාපාරවලට හෝ ආදර කටයුතු විවාහ යෝජනා කෙරෙන් සිතට ඇති වී තිබූ අසහන සිත්තැවුල්වලින් මිදී කටයුතු කිරීමටත් හැකියාව ලැබේ. බොහෝවිට මෙය ඔබ අන්‍යයන් සමග කොටස්කාර ව්‍යාපාර කිරීමට සැලසුම් සකස් කරන සතියක් ද වේ. අවිවේකී වුවත් වැඩකටයුතු සාර්ථක ලෙස කරගෙන යාමට හැකි වන සතියකි. 
 

මේෂ Read Previous

මේෂ

කටක Read Next

කටක

Realted Post

Leave a comment