අද රෑ අහස දිහා බලන්න අමතක කරන්න එපා

සැප්තැම්බර් 7 ඉරිදා සිට 8 සඳුදා දක්වා රැයේදී, අහසේ පුදුම දෙයක් වෙන්නයි යන්නේ. එදාට හඳ තද රතු පාටකට හැරෙනවා. මේකට කියන්නේ "රක්ත චන්ද්‍රයා" (Blood Moon) කියලයි. 

මේක පූර්ණ චන්ද්‍රග්‍රහණයක්.මේ ලස්සන දර්ශනය ශ්‍රී ලංකාවටත් බොහොම පැහැදිලිව බලාගන්න පුළුවන්.

මේ වෙලාවේදී, හිරුයි හඳයි අතරට පෘථිවිය එන නිසා හිරු එළිය කෙළින්ම හඳට වැටෙන්නේ නෑ. හැබැයි, පොඩි හිරු එළියක් පෘථිවියේ වායුගෝලය හරහා පෙරී හඳට යනවා. අපේ වායුගෝලයෙන් නිල් පාට ආලෝකය විසුරුවා හැරලා, රතු පාට ආලෝකයට විතරක් යන්න දෙනවා. අන්න ඒ රතු එළිය හඳේ වැදිලයි අපිට හඳ රතු පාටට පේන්නේ. මේක බලන්න ඔයාට විශේෂ උපකරණ මොකුත් ඕන නෑ. ලයිට් එළිය අඩු, අහස හොඳට පේන තැනකට ගිහින් උඩ බැලුවම ඇති. මේක පියවි ඇසින් බලන්න පුළුවන් හරිම ලස්සන දර්ශනයක්.

රාත්‍රී 9:57 ඉදන් 12:22 වෙනකල් මේක බලන්න පුලුවන්. 

මේ චන්ද්‍රග්‍රහණයේ පූර්ණ අවස්ථාව තියෙන්නේ රෑ 11.41 ට. 

මීලඟට මේ වගේම දීර්ඝතම අඳුරු  පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අපිට බලන්න පුළුවන් වෙන්නෙ  2040 නොවැම්බර් 18 වන දින. 

අද රෑට හද බලන්න අමතක කරන්න එපා. 

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Previous

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට Read Next

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට

Realted Post

Leave a comment